03 කොටස 🦋

678 105 20
                                    

දෑසේ දුරින් 🦋
03 කොටස

හේතු හෙව්වේ
ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
පුන්සඳක් පායන්නේ කොහොමත්
මාසෙකට සැරයක් නේ බං

ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද


ඒ උනාට අගෝස්තු මාසේ දෙපාරක් පුන් සඳ පෑව්වා whottorrr....

පුරුදු විදියටම මම ඩ්‍රයිව් කරන ගමන් ඇහෙන සිංදුවෙ ඇද හෙව්වා. මම මේ නිකමට අහන්නේ... උඹර්ලා එහෙම නැද්ද... මම නම් එහෙමයි. මට ඇහෙන ඕන සිංදුවක ඇදයක් කුදයක් අහු වෙනවමයි. ඒකට සිංහලත ඉංග්‍රීසිත හින්දිත කිසි දෙයක් අදාල නෑ... හිතුනොත් මමත් අර ඉන්ග්ලිශ් සෝන්ග්ස් විත් සිංහල සබ්ටයිට්ල්ස් වගේ පේජ් එකක් අටවගෙන සිංහල සෝන්ග්ස් විත් ඉන්ග්ලිශ් සබ්ටයිට්ල්ස් කියලා එකක් හදා ගන්නවා. ඒකෙ හරිත විලාසිතාගෙ කොමඩු සීනි, උසායි කියලා දානවා වගේ ඒ වෙනුවට මම දානවා නෝ කාරි යූ විල් නොට් සී ද මූන් ටුඩේ කියලා...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



"පුතා...  ඔතනින් නවත්තන්නකෝ කේක් එකක් ගන්න...."

අම්මි කියනකොට මම මගේ පේජ් එක හදන හීනේ පැත්තකට දාලා පෙරේරා ඇන්ඩ් සන්ස් එක ගාවින් කාර් එක නැවැත්තුවා. ගෙදරින් එන්න කලින් මගෙන් ගත්ත සල්ලි ටික කිසිම වැඩකට නැති දෙයක් වෙනුවෙන් විනාස වෙලා යන හැටි කඳුළු පිරුණු ඇස් දෙකකින් මම බලාගෙන හිටියා. ඇයි දෙයියනේ මනමාලියො බලන්න යනකොට කේක්ම ගෙනියන්න ඕන...මෙහෙමයි ඉතින් ... බැරි වෙලාවත් අපිට ඒක බිස්කට් එකකට මාරු කරගන්න බැරි වෙයිද දන්නෙ නෑනේ නේද..... මොකද ඕක බදින්න වෙන්නෙ නැති නිසා කේක් එක අපරාදේ... දැන් කේක් කීයක්ම මෙහෙම අපතේ ගියාත...


දෑසේ දුරින් 🦋| ᵞⁱᶻʰᵃⁿ ᶠᵃⁿᶠⁱᶜ|ⁿᵒⁿ ᶠⁱᶜᵗⁱᵒⁿ ᵇˡ (Slow Update)Where stories live. Discover now