11 කොටස 🦋

410 80 6
                                    

දෑසේ දුරින් 🦋
11 කොටස


"හ්...හෙලෝ සර්..."

"හිමෙත් පුතා වැඩකද ඉන්නේ...."

මම ඈනුමක් දෙකක් ඇරලා කටහඬේ තිබ්බ නිදිමත ගතිය නැති කරගත්තා. මේ වේලාවේ සර් කාරයා කතා කරන්නේ ඇයිද කියලා හිතාගන්න බෑ. මොකද ඊයේ හවසත් කතා කරලා මාතලේ යනවද කියලත් ඇහුවනේ. මොකක් හරි මළ ජංජාලයක් වෙලාද දන්නේ.

"න්.. නෑ සර්...  කියන්න..."

"මේකයි හිමෙත් පුතා කාරණාව. ඔයා දැන් සඳුදට මාතලේ යන්නනේ ඉන්නේ... "

"ඔව් සර්.... "

දැන් නම් මටත් හෙන කුතුහලේ. මාතලේ යන එක කන්ෆර්ම් වෙලා තිබ්බෙ සති ගාණක ඉදලනේ. එහෙව් එකේ සර් මේක නොදැන ඉන්න විදියක් නෑ. ඒත් එයා එකපාරටම මගෙන් මාතලේ යනවද අහනකොට මට පොඩි කොස්සක් දැනුනා.

"පුතා දන්නවනේ අපේ ඩොක්ටර් මහානාම. ඩොක්ට මහානාම සඳුදා ඉදලා බණ්ඩාරවෙල ඉන්න පේෂන් කෙනෙක්ට ට්‍රීට් කරන්න යන්න තමයි හිටියේ. ඒත් හදිස්සියේම ඒ පේෂන්ට්ගෙ ෆැමිලි එකෙන් වෙන ඩොක්ටර් කෙනෙක්ව ඉල්ලලා තියෙනවා.. ඉතින් මම ඔයාගෙන් අහන්න හිතුවා. ඔයා මාතලේ වෙනුවට බණ්ඩාරවෙල යන්න කැමතියිද..."

මම පැටලුනේ ලෝක ප්‍රශ්නෙක. මට එකපාරටම මේකට හා කියන්නත් බෑ. ඒත් සර්ට බෑ කියන්නත් බෑ. මම මාතලේ යන්න සේරම ලෑස්ති වෙලත් ඉවරයි. ඒත් බණ්ඩාරවෙලත් අවුලක් නෑ. මේ රස්නෙ කාලෙ සීතල පැත්තකට වෙලා ඉන්නනෙ තියෙන්නෙ. ඇරත් ගෙදර එන්නත් ළඟයි. බණ්ඩාරවෙලින් එක බස් එකේම මාතරට එන්නත් පුළුවන්නේ. එක්කො එහේ යනවා.

"මට ප්‍රශ්නයක් නෑ ඩොක්ටර්... ඒත් මිස්ටර් දිසානායක මොනවා කියයිද..."

මම ඇහුවේ මම කලින් යන්න හිටිය මාතලේ තැන ගැන. මිස්ටර් දිසානායක කියන්නෙ මාතලේ හිටිය මගේ පේෂන්ට්. එකපාරටම එන කෙනා මාරු වෙන එක එයාලටත් ප්‍රශ්නයක් වෙනවනේ. ඇරත් ඩොක්ටර් මහානාමව එපා කියන්න තරම් එයාලට තියෙන හේතුව මොකක්ද.

"මම මිස්ටර් දිසානායක එක්ක කතා කරලා බලන්නම් හිමෙත්... ඔයා මොකටත් කියලා බණ්ඩාරවෙල යන්න ලෑස්ති වෙන්න... මම ඔයාට විස්තර ටික මේල් කරන්නම්... ටේක් කෙයා..."

දෑසේ දුරින් 🦋| ᵞⁱᶻʰᵃⁿ ᶠᵃⁿᶠⁱᶜ|ⁿᵒⁿ ᶠⁱᶜᵗⁱᵒⁿ ᵇˡ (Slow Update)Where stories live. Discover now