දෑසේ දුරින් 🦋
19 කොටස"කිව්වනෙ අශේරාගෙන් ඈත් වෙලා ඉන්න කියලා... ම්ම්ම්..."
අභිරූ කිව්වෙ මගේ මූණටම එබීගෙන. එයාගෙ අත් දෙක මාව මැදි කරගෙන බිත්තියට තද වෙලා තිබුණා. එයා හිටියෙ හොඳටම කේන්තියෙන් කියන්න එයාගෙ රතු වෙලා තිබුණු ඇස් දෙක විතරක් නෙවෙයි වේගෙන් වැටෙන හුස්මත් මට හේතු කියද්දි මම අන්ද මන්ද වෙලා බලාගෙන හිටියෙ එයාට ඒ තරම් කේන්ති ගන්න මම කරපු වැරැද්ද මොකක්ද කියලා. මම අශේරා එක්ක මඟුල් නටන්න ගියේ නෑනේ.
"ඔ...ඔව්..."
"එහෙනම් තවත් මොකටද අශේරගෙ ඇඟේ එල්ලෙන්න යන්නෙ... "
ඔන්න මගේ ආධ්‍යාත්මික සත්ත්වයා ඇහැරෙන්නයි යන්නෙ... යකෝ මූ හැසිරෙන්නෙ මම නිකන් අශේරට අතවර කරපු අසහනකාරයෙක් ගානට දාලා වගේ... එහෙම හිතෙද්දිත් යකා වැහීගෙන එද්දි මම මාව බිත්තියට තද කරගෙන ඉන්න අභිරූගෙ පපුවට ඇඟිල්ලක් තියලා එයාව පිටිපස්සට තල්ලු කරේ අභිරූ ඇස් හීන් කරගෙන මගේ දිහා බලාගෙන ඉද්දි...
"මිස්ටර් අභිරූ යටවරබණ්ඩාර... කාගෙවත් ඇඟේ එල්ලෙන්න මම කූඩැල්ලෙක් නෙවෙයිනෙ... ඔයාටම පේනවනේ මම මනුස්සයෙක් කියලා... නේද... ඒක නිසා මට අශේරගෙ ඇඟේ එල්ලෙන්න බෑ... අනිත් එක අශේරා කියන්නෙ මට මගේ නංගි වගේ... මට නංගිලා නැති නිසා මම අශේරට මගේ නංගි විදියට සලකන එකේ වැරැද්දක් නෑනේ නේද... "
මම කියාගෙන ගියේ අභිරූගෙ ඇස් දිහා බලාගෙන... සාමාන්‍යෙන් මෙහෙම මට තරහ යන වෙලාවට කාටවත් මගේ ඇස් දිහා බලාගෙන ඉන්න බෑ කියලා මට ගොඩක් අය කියලා තියෙනවා. ඒත් අභිරූගේ ඇස් දෙක මගේ ඇස් වලින් තත්පරයකටවත් එහාට උනේ නෑ... මම කියාගෙන යද්දි අභිරූගෙ කට කොනට හිනාවක් මතු වුණේ ඇයිද කියන්න නම් මමත් දන්නෙ නෑ... ඒත් ඒ හිනාව දකිනකොට මට නිකන් එතන ඉන්න බෑ වගේ ගතියක් දැනෙද්දි අභිරූව තල්ලු කරලා දාලා එතනින් එන්න ආවත් අභිරූ මගේ අතින් ඇදලා ගත්ත පාරට මම නැවතුනේ එයාගෙ පපුවෙ වැදිලා...
අභිරූගෙන් එන මෑන්ලි සැන්ඩ්ල්වුඩ් සෙන්ට් එක මට හොඳින්ම දැනෙද්දි මම බයවෙලා වගේ අභිරූ දිහා බලාගෙන හිටියා. එයාගෙ එක අතක් මගේ අතකින් අල්ලගෙන තියෙද්දි අනිත් අත මගේ ඉණට තද වුණේ මටත් හිතාගන්න බැරි වෙලාවක... මම ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන ඉන්නකොට අභිරූ මගේ මූණටම පහත් වුනා... එයා මගේ දිහාවට පහත් වෙනකොට ඒ ඇස්වලට ඇවිත් තිබ්බෙ මහ වල් පාටක්... අනේ මන්දා එකට මගේ ඇඟත් නිකන් ගැස්සිලා යනකොට මම ඉබේටම තොල් දෙක කට ඇතුලට කරගත්තා...
YOU ARE READING
දෑසේ දුරින් 🦋| ᵞⁱᶻʰᵃⁿ ᶠᵃⁿᶠⁱᶜ|ⁿᵒⁿ ᶠⁱᶜᵗⁱᵒⁿ ᵇˡ (Slow Update)
Fanfictionඉතින් නුඹ රැඳෙනවා නම් දෑසේ දුරින් බලා ඉන්නම් කෙදිනකදි හෝ මගේ ම වනතෙක් දෑසේ දුරින් 🦋 Yizhan | non fiction bl AnastasiaWang27