08 කොටස 🦋

498 88 13
                                    

දෑසේ දුරින් 🦋
08 කොටස

"මොන මගුලක්ද කරන්නෙ මනුස්සයෝ..."

මලිත්ට ගහද්දි අඬන්නෙ චංචලාලු.

සාමාන්‍යෙන් මට මොකෙක් හරි ඔහොම කෑ ගහගෙන එනකොට යකා නගිනවා. ඒත් මේ වේලාවේ වැරැද්දක් උනේ මගේ අතින් නිසා මම කට වහගෙන හිටියා. හැබැයි මම ඇඟේ වැදුනේ එකෙක්ගෙ. රිදුනේ තව එකෙක්ට. මාවත් ඇඟේ හප්පගෙන ශර්ට් එකේ කහට පැල්ලමකුත් ගා ගත්ත කොල්ලා කට වහගෙන පාඩුවේ ඉන්නකොට කොහෙවත් ඉන්න කහඳ පණුච්චියෙක්ට යකා ආවේස උනා. ඒකි මොකක්ද වෙච්ච එකී වගේ මගේ දිහා රව රව බලන ගමන් මට බනින්න ගන්නකොට නම් මගේ ඇඟේ අස්සෙ හිටිය ආධ්‍යාත්මික සත්ත්වයා නැගිටින්න හැදුවා.

"ඇස් දෙක කටේ දාගෙනද හලෝ යන්නෙ... බලනවා අභීගේ ඇඳුම ගන්න දෙයක් නෑ තමුසේ නිසා... "

"සොරි මිස්... ඒ උනාට මම හිතලා හැප්පුනේ නෑනේ..."

මම සමාව ඉල්ලුවේ මේක මෙතනින් ඉවර වෙයි කියලා හිතාගෙන. ඒකිට නම් තියෙන්නෙ බෙලෙක්ක කටහඬක්. හරියට අර පරණ බඩුවලට දෙනවා අලුත් බේසම් කියලා කෑ ගහගෙන යන වාහනේ සද්දෙටත් වඩා අන්ත සීන් එකේ එකක්. මට අර අසරණ කොල්ලා දිහා බැලුවම දුක හිතුනා. මේකි එයාගෙ ගෑනි නම් ජීවිත කාලෙම ඔය බෙලෙක්කෙ අහගෙන ඉන්න ඕනනේ. ඒත් නෑ... ඒකි ආයෙම බනින්න ගත්තේ මටත් ටිකෙන් ටික කේන්තිය උත්සන්න වෙනකොට... ඇයි ඒ අස්සේ මට හිතෙන්නේ මම මේකිව දැකලා තියෙනවා වගේ කියලා...

"මේ හලෝ... හිතලා හැප්පුනේ නෑ කියන්නේ... බලනවා තමුසේ කරපු දේ... තමුසෙලා වගේ චීප් හිඟන්නොන්ට කිය.."

"නවින්දි කට වහනවා. ඒ මනුස්සයා සොරි කිව්වනේ. ඒක එතනින් ඉවරයි ..."

"ඒත් අභී..."

මම හොඳ දෙකක් කියන්න කට අරිනකොට ඒ කෙල්ල එක්ක හිටිය කොල්ලා අරකිට බැන්නා. ඒකි ඒකටත් මොනවහරි කියන්න හදනකොට අර කොල්ලා රවපු පාරට ඒකි කටවහගෙන හිටියා. බලාගෙන යනකොට ඒකා හිතන තරම්ම සුදු චරිතයක් නෙවෙයි වගේ. නැත්තම් අර බෙලෙක්කෙ වහන්න එක රැවිල්ලකට පුළුවන් වෙයිද...

"අයිම් රියලි සොරි.. සොරි කියන්නත් බෑ මෙයා හැසිරුනු විදියට... "

දෑසේ දුරින් 🦋| ᵞⁱᶻʰᵃⁿ ᶠᵃⁿᶠⁱᶜ|ⁿᵒⁿ ᶠⁱᶜᵗⁱᵒⁿ ᵇˡ (Slow Update)Where stories live. Discover now