15 කොටස 🦋

381 81 4
                                    


දෑසේ දුරින් 🦋
15 කොටස

"තමුසේ..."

කන් දෙකත් එක්ක මොකක්ද වෙලා යන කටහඬක් ඇහෙද්දි මම ඒ කටහඬ ආව පැත්ත හැරුණා. ආයෙ දෙකක් නෑ කෙලින්ම මිණි ගෙඩිය හෙල්ලුවා වගේ තමා. ලිවින් රූම් එකේ දොර ගාව හිටගෙන හිටිය ටිකිරි ලියා දකිද්දී මාව කන්ෆියුස් වුණා. මම කොහෙත්ම එයාව මෙහෙදි දකින්න බලාපොරොත්තු උනේ නෑ. බැරිවෙලාවත් මේ අර රාමු අංකල් කිව්ව ලොකු බේබිද... එහෙනම් විනාසයි. මම මේ රස්සාව දාලා ගෙදර යනවා..  ඇයි යකෝ මඟුල....

ඒත් පොඩ්ඩක් ඉන්න... අශේරා කිව්වෙ එයාට ඉන්නෙ අයියා කෙනෙක් කියලනෙ. ඇයි යකෝ මේ... මම වාඩි වෙලා ඉන්නෙ මගේ මොලේ උඩද කියලා දැන් දැන් මටම සැක හිතෙනවා. අභිරූ යටවරබණ්ඩාර... ටිකිරි ලියා බඳින්න ඉන්නවා කියලා දාලා තිබ්බේ එයාවනෙ... බලාගෙන යද්දි මමත් ඇවිත් තියෙන්නෙ මාර මරාලයක් මැදට තමයි. අමතක කරන්න හිත හදාගත්ත එකාගෙ ගෙදරටම හොයාගෙන ඇවිත්... උඹේ ලක් එකේ නම් හිලක් තමා පුතේ... කොච්චර විශ්වාස නොකරත් කමක් නෑ දැන් නම් අම්මිට කියලා කේන්දරේ බලවන්නම වෙනවා...

"තමුසේ... කතරගමදිත් අභීගෙ ඇඟේ එල්ලෙන්න හදලා දැන් ලැජ්ජ නැතුව අභීගෙ ගෙදරටත් රිංගුවද... තමුසෙලා නම් මහ තර්ඩ් ක්ලාස් මිනිස්සු... "

පොඩ්ඩක් ඉන්න.... මම කොහෙද එයාගෙ අභීගෙ ඇඟේ එල්ලෙන්න ගියේ... මම වැරදිලා එයාගෙ ඇඟේ හැප්පුණා විතරයි. ඒකත් කට්ටිය පිරිලා හිටිය නිසා... නැත්තම් මගේ බල්ලවත් කාගෙවත් ඇඟේ හැප්පෙන්න යන්නෙ නෑ.  මේ ගෑනි නටන්නෙ මම ඒ මනුස්සයා නිසා ප්‍රෙග්නන්ට් වුණා කියලා කිව්වා වගේනෙ.  ගෑනියෙක් කියලා බලන්නෙ නැතුව දත් ටික බඩට යන්න දෙන්න හිතුණත් මම කේන්තිය පාලනේ කරගත්තෙ තවම මම ඇවිත් දවසක්වත් ගෙවිලා ගිහින් නැති නිසා... මට කරන්න ආව වැඩක් මගින් අතෑරලා ගිහිං පුරුද්දක් නෑ...

"මගේ අභී එන්න කලින් දැම්මම තමුසේ මෙහෙන් යන්න ඕන... නැත්තම් මම තමුන්ට කරන දේ තමුන්ට හිතාගන්නවත් බැරි වෙයි..."







"මගේ ගෙදර ඉන්න මිනිස්සු ගැන තීරණ ගන්න ඔයාට අයිතියක් නෑ ලියන්සා... "

දෑසේ දුරින් 🦋| ᵞⁱᶻʰᵃⁿ ᶠᵃⁿᶠⁱᶜ|ⁿᵒⁿ ᶠⁱᶜᵗⁱᵒⁿ ᵇˡ (Slow Update)Where stories live. Discover now