Chapter.21📖️💭

243 37 24
                                    

මොන හේතුවක්ද කියලා මටම නොතේරුනත් මට සැනසීමක් දැනෙන්නේ මගේ කදුලු නිදහසේ එලියට  දාන්න නිදහසක් දැනෙන්නේ මහත්තයා ළගදී  විතරක්ම උනා...  මට මොන කරදරයක් දුකක් උනත් ඒ හැම වේලෙම අහම්බෙන් හරී  මහත්තයා මගේ ලග ඉන්න එක   මට නුහුරු දෙයක් උනත් දැන් දැන් මගේ හිතට ඒක හුරු පුරුදු දෙයක් උනා....

මහත්තයා අදුරගෙන ලොකූ කාලයක්  නැති උනත් කල්ප ගානක් ඒ උණුහුමේ ගුලී වේලා ඉන්න ඇතී කියලා හිතෙන අමුතූ හැගීමක් මගේ හිතට දැන්  දැන් දැනෙන්න පටන් අරන් තිබුනා...මොන තරම් දුකක් දැනුනත් මගේම අම්මා අප්පච්චී ලග වත්  කදුලූ නොපෙන්නගෙන ඉන්න පුලුවන් හිතක් මට තිබුනත් ,මහත්තයා ලග  මාව පිරිමියෙක් කියන එක පාවා මට අමතක වේලා ගියා...

කොච්චර වේලා මන්  ඒ පපුවට තුරුල් වේලා ඇඩුවද කියන්න මන් දන්නේ නෑ   මන් අඩපූ ඒ කාලේම ඒයා කරේ මාව තව තව ඒ  පපුවට තද කරගත්තු එක...,මටත් එක මොහොතකට වත් ඒ හැදිදැඩි පිරිමි පපුවෙන් අයින් වෙන්න හිතක් තිබුනේම නැති තරම්....

" කෝ මගේ නොදරුවා දැන් ඇතීනේද..."

"බෑ ඉන්න දෙන්නකෝ මට අඩන්න වත් නිදහසක් නැද්ද ."

මන් දන්නේ නෑ මන් ඒක කියනකොටත් මට තව තව ඇඩුනා... මට ඕන උනේම මගේ  තැලීලා පොඩී වේලා තුවාලයක් වේලා තියෙන  හිත හැදෙනකල් අඩන්න විතරක්ම වෙනකොට...මහත්තයා ඒ පපුවේන් මාව ඈත් කරලා මගේ උරහිස් දෙකෙන් අල්ලගෙන ඒයාගේ පැත්තට හරවගත්තේ තාමත් පොඩි එකෙක් වහේ හොටු කදුලු පේරාගෙන  මන් අඩන එක දැක දැකමයී....

"නිකන්ද මන් නොදරුවා කියන්නේ... උබ නම් මැණික හරීම පිංකාරයී...  මැණික අහලා තියෙනවද...තමන්ගේ රූපෙන් හීනාවේන් තව කෙනෙක්ව නිවන්න පුලුවන් මිනිස්සු මේ ලොකේ ඉන්නවා කියලා...අන්න ඒ වගේ  කෙනෙක් උඹ රත්තරන්....හරියට වහින්න තියෙන මූසල අහසකට රීදී රේකාවක් වගේ....කොච්චර අඩලා අඩලා හෙම්බත් වේලා තිබුනත් උබ පොඩි එකෙක් වගේ කම්මුල් දෙකත් බෝල කරන් රතූ උන මූණේන් මගේ දීහ බලනකොට  හරී පිංකාරයී...ඒ  ලස්සන උබේන් මැකෙන්නෙ නෑ කවදාවත්...."

"මහ..ත්තයා..."

"මහත්තයා කියන වචනේ හරී ආදරණීයයී ඒක මගේ පපුවේ ඇතූලාන්තේටම දැනෙනවා ඒත් සදූට බැරීද මට අහස් කියන්න...මන් ආසයී එහෙම අහන්න.."

*අහස්*Where stories live. Discover now