06 වන කොටස

305 41 162
                                    

ඔරලෝසුවත් අද කැරකෙන්නේ හරි හිමීටද මන්දා....උදේ වරුව නම් මං බොහොම අමාරුවෙන් ගෙවා ගත්තා.... පව්.... මගේ නැට්ටටත් දැන් අමාරු ඇති...ඇයි ඉතින් අද පාන්දර ඉදන්ම ඌත් හිටියෙ මේ මාත් එක්කමනේ...ඩෝක්ටර් ඇවිල්ලා මාව චෙක් කරලා ගියාට පොර මට හින්ට් දෙක තුනකුත් නොගැහුවාම නෙවෙයි..... මට කවුන්සිලින් යන්නලු....අනේ මට නම් බෑ ඔය නොදන්න උන් ගාවට ගිහින් මගේ දුක කියන්න......පාලුයි අයියෙ..... ඒ වුනාට තාම වෙලාව එකයිනෙ... කමක් නෑ තව ටිකකින් එයාලගෙ ස්කූල් එකත් ඇරෙන එකේ ඔන්න ඔහේ තව පෝ...ඩ්ඩම පොඩ්ඩක් ඉවසගෙන ඉන්න රෙහාන් පුතේ......

" නවෝද්....."

" ම්ම්..."

" උඹට අමාරු නැද්ද බං......"

" ඇයි උඹ එහෙම ඇහුවේ...."

" නෑ ඉතිං අද පාන්දර ඉඳලම උඹ හිටියේ මේ මං ගාවනේ........නින්දක් නෑ....... හරියට කෑමක් බීමක් නෑ..... උඹටත් මං හින්දා හරි වදේ නේද......"

" අනේ ඔව් බං... ඇත්තමයි..... උඹ නම් මහ පොල් පරාල ඇණයක්...."

" පව්කාරිට සමාව දෙන්න සුදු මහත්තයා........"

" හුම්... හුම්..... පව්කාරිට මං සමාව දුන්නා......"

" අනේ නවෝදයා...."

" ඇයි බං ඇයි........."

" චූ බරයි ඕයී......"

" ඉතිං බැහැලා පල.....උඹේ කකුල් දෙක කැඩිලා නෑනේ....."

"ඒ වුනාට පණ නෑ ඒයි.....ඇදගෙන වැටුනොතින් එහෙම මගේ මේ ටිකිරි මොලේට ඩැමේජ් වෙන්න පුළුවන්....."

" ඩැමේජ් වෙන්නත් උඹේ ඔය ඔලු කට්ට අස්සෙ මොළයක් තියෙන්න එපැයි රෙහාන්........."

" මේ මේ....... ඒක පරිහරණය නොකලට හරි පරිස්සමට පැකින් පිට තාම තියෙනවා හරිත......"

" තියෙනවා තියෙනවා ඉටිගෙඩිය...... මේ ඕයි ....."

" ඇයි ඕයී....."

" උඹ අද උදේට දත් මැද්දද ...."

" නැද්ද කොහෙද......"

" ඉතිං මදින්නෙ නැද්ද ......."

" ඕනෙද....."

" ඔව් නේ......."

" හැබැයි මදින්නැතුව ඉන්නත් පුළුවන්...."

" අනේ මගෙන් කුණුහර්ප නාහා බැහැපං සුනඛයා ඇදෙන් බිමට... ඔය එකේක අයියලා වගේ මෙතන බබා හුකුන් වෙන්න තියා ගන්න එපා හරි....ගහනවා තොට ඔලු කට්ට පුපුරන්න ....."

~හීන~[ONGOING]Where stories live. Discover now