16 වන කොටස

378 31 219
                                    

සති අන්තේ ගෙවිලා ගිහින් දැන් දවස් දෙක තුනක් විතර පහු වෙන්නත් එනවා......අද බදාදා..... අනිද්දා අපේ ස්කූල් එකේ ස්පෝට් මීට් එක නිසාම අද කොමස් සෙක්ෂන් එකේ හැම එකෙක්ම වගේ ඉස්කෝලෙට ගොඩ බැහැලා තිබුනා......මොකද ඉතිං තාම අවුරුද්ද පටං ගත්තා විතරයිනේ..... ඒ නිසා වැඩි කලබලයකින් කවුරුත් ස්කූල් කට් කරගෙන ටියුෂන් ක්ලාස් දුවන්න තරම් හදිස්සි වුනේ නෑ.......

සාමාන්‍යයෙන් උසස් පෙළට ඉස්කෝලේ පටං ගන්නේ මැයි මාසේ වගේ..... ඉතිං මේ ගෙවන්නේ ඒ මැයි මාසයේ අන්තිම සති කිහිපය..... දැන් තියෙන පුරස්නෙ තමයි ඇයි ස්පෝට් මීට් එකක් තියන්න මැයි මාසේ වෙනකං හිටියේ කියන එක...මොකද මේ වෙද්දි හරි නම් අපි ලෑස්ති වෙන්න ඕනේ ස්කූල් එකේ බිග් මැච් භීෂනේ වෙනුවෙන් කැන්වසින් යන්න....සිද්ද වුනේ මෙකයි.....අපේ ඉස්කෝලේ කතෝලික පාසලක්.... සරලව කිව්වොත් මේක තමයි ඉතිං මරදානේ ආඩම්බරය.......

පාසලේ ප්‍රධාන පියතුමා... එහෙම නැත්නම් ලමයිගෙ භාෂාවෙන් කිව්වොත් රෙක්ටර් කාරයා අවුරුද්ද මුලම වගේ හදිස්සියේ අසනීප වුනා...ඉතිං ඒ වෙනුවට පත්කරපු වැඩ බලන විදුහල් පති තමයි අපේ මේ පින්සාරයා...පින්සාර අල්මේදා.... නැතුව ඉතිං කතෝලික පාසලක සාමාන්‍ය සර් කෙනෙක්ට ප්‍රින්සිපල් පට්ටම ගහන්න බෑනේ...... ඒකට අනිවාරෙන්ම ඒ පුද්ගලයා සුදුසුකම් සහිත කතෝලික පියතුමෙක් වීම අත්‍යාවශ්‍යයමයි..... ඉතිං ඔය විදියට අවුරුද්දේ මුලම ශක බුම් වෙච්ච නිසා ඉස්කෝලේ ඇතුල නිකං පිස්සිගේ පලා මල්ල වගේ හෙන බහුබූතයක් වෙලා හැමදේම කනපිට ගැහෙන්න පටං ගත්තා... ඔන්න ඕකට පින් සිද්ද වෙන්න තමයි අපේ ෆාදර් ආපහු සෙමනේරියට ගිහින් පින්සාරයා මෙතන පිනා පෝස්ට් එක ගහලා අන්තිමට පෙබරවාරි වල තියන්න හදපු අපේ ස්පෝට් මීට් එකත් මැයි වෙනකම්ම දිග් ගැස්සිලා ගියේ....අනේ අපේ බිග් මැච් එකට නම් මේ පාර ගෞරවයෙන් බුදුසරණයි... මොකද ගිය පාර කොල්ලො සෙට් එක මරාගත්ත හින්දා පින්සාරයා මේ පාර අපේ බිග් මැච් එක තියන්න දෙන්නේ නෑලු... හැබැයි පුතේ උඹ එව්වට ආවොත් නම් අම්මපා මරාගෙන මැරෙනවා රෙද්ද.....ඇයි යකෝ බිග් මැච් එකක් කියන්නේ එච්චර ලේසියකට අමතක කරලා දාන්න පුලුවන් මාතෘකාවක්ද...... කොටින්ම අපේ නම්බුව පවා රැදිලා තියෙන්නේ ඔය බිග් මැච් එක ඇතුලේ.......ඒක නැති වුනා කියන්නේ ඉතිං ආයේ ඉදලා වැඩක් නෑ කොල්ලෝ.......

~හීන~ Where stories live. Discover now