52 වන කොටස

129 16 47
                                    

" ඒ.....නැගිටහං බේසික් පුතා..... දැන් දොලහත් පහු වෙලා..."

" ම්ම්........."

" නැගිටහං බල්ලෝ......."

අයියෝ සාන්ත.....උදේ පාන්දර මොකෙක් හරි මල පෙරේත ප්‍රාණියෙක් මට වද දෙනවා උදේනි......

" තෝ දැං නැගිට්ටෙ නැත්තං එහෙම මං ඔය කලිසම බොගේ ඔලුවෙන් ගලවනවා හරිද...."

හහ්....ආස ඇති මගේ කලිසම ගලවලා ආතල් එකේ බලං ඉන්න ..... එව්වා ඉතිං හදේ තමයි කොල්ලො....මොකද එව්වා ගලවන්න කස්ටිය ඉන්නවා....කවුද කියලා අහන්න එපා...ඒ වුනාට ඉන්නවා.....

" ඒ රෙහාන්.....නැගිටහංකො බං......"

" කාලකන්නි එල හරක් පැටියා....මට නිදාගන්න දීපංකො හුත්ත....."

" ආච්චිට රයිස් ගරන්න....කිව්වම අහලා පොඩ්ඩක් ඔය නිදි මත පැත්තකට දාහංකෝ තිරිසනෝ....."

" ඇයි ඕයි ඇයි...."

ආපු කේන්තියටම මං නැගිටලා ඇදෙන් ඉදගත්තා.....

" මං හිතන්නේ ඊයේ රෑ උඹයි මායි ගම කාගෙන..."

නවෝද් එහෙම කිව්වේ හෙන සිරීයස් මූඩ් එකකින්.....

" ඒ කියන්නේ....."

" ඒ කියන්නේ තෝයි මායි තියාගෙන ආපු රැස්පෙට් එක ඊයේ දවසින් පස්සේ සුන්නද්දුලී වෙලා ගිහින් සගෝ......"

නවෝදයා කියපු කතාව අහලා මට හීන් දාඩියත් දැම්මද කොහෙද... දෙයියනේ එතකොට දරුවෝ දෙන්නගේ සායම හේදිලා ගිහින්ද....

" කියන මගුලක් තේරෙන්න කියහංකෝ බං ....."

" උඹට මතකද ඊයේ අපි ජැන්ඩියට ඇඳ පැළඳගෙන ගෙදරින් එලියට බැස්සා කියලා...."

" ඔව්...මතකයි....."

" එතකොට අපි හොටෙල් එකක් ඉස්සරහින් බැස්සා කියලත් තොට මතකයිනේ ..."

" ඔව් ඔව් බං... මං මැරිලා ඉපදුනේ නෑනේ ....."

" ඊටත් පස්සේ අපි කන්න පටං ගත්තා... රිතික අයියා එතනට ආවේ වලියකුත් දාගෙනනෙ....."

" හරි ඉතිං ...."

" එතනින් එහාට වෙච්ච දේවල් ගැන උඹට මීටර් එකක් තියෙනවද...."

" ඒ කිව්වේ....."

" ඒ කිව්වේ අපි කාපු බීපුවා ගැන...."

~හීන~[ONGOING]Where stories live. Discover now