65 වන කොටස

215 21 87
                                    

" නවෝද්....මට ඔය පොත් ටික පොඩ්ඩක් මෙහාට ගෙනල්ලා දෙන්නකො පුතා....."

" අහ් ඉන්න සර් මං ගෙනල්ලා දෙන්නං....."

හංස සර් මියුසික් රූම් එක ඇතුලෙ ඉදන් නවෝද්ට එක එක ජාතියේ වැඩ කියනකොට මං පැත්තකට වෙලා බලාගෙන හිටියේ සෑර් අපේ ප්ලෑන් එක යස අගේට ක්‍රියාත්මක කරන ආකාරය දිහා .......සර් සර් ගෑවට ඉතිං හරියට බැලුවොතිං එහෙම පොර අපිට අයියා කෙනෙක් වගේ තමයි....ඒත් එක්කම මං සර්ට තම්බ්ස් අප් එකක් දීලා මගේ රංගන කුසලාත් එලිදක්වන්න පුලුවන් විදියට මගේ වේදිකාව විවෘත කර ගත්තා ......

" සර් මාත් එහෙනම් දැන් ඔෆිස් එකට ගිහිල්ලා අර වැඩ ටික පොඩ්ඩක් බලලා එන්නද...."

" අහ් ඉන්ස්ට්‍රෘමන්ට්ස් වල වැඩ ටික නේද පුතා...හරි හරි ඉක්මනට ගිහින් ඒ ගැන පින්සාර සර් එක්ක පොඩ්ඩක් කතා කරගෙන එන්නකො එහෙනම්...."

අපරාදේ සෑර්ට තිබුනේ මියුසික් උගන්නන එක පැත්තක තියලා දෙවෙනි ඉනිමෙ රගපාන්න යන්න...මොනවා නැතත් අපේ හංස සර් ලස්සනට රගපාන්න දන්නවා.....

නවෝද් එහෙම්මම එතන එකේක වැඩ වලට හිර වෙනකොට ප්ලෑන් එකේ වැදගත්ම කොටස සිද්ද වෙච්ච අපේ කැන්ටින් එක දිහාවට මාත් ෂේප් එකේ කිට්ටු වුනා.. හැබැයි ඉතිං එතන වැඩ ටික බාරදීලා තිබුනේ අපේ සෙට් එකේ හිටපු අනිත් තුන්කට්ටුවට..... කැන්ටිමේ ඇන්ටි අපිත් එක්ක ෂේප් හින්දා හොදට ගියා ..නැත්තං ඉතිං මේ අවේලාවේ අපි කොහෙන් කියලා ඉස්පම්චියක් හොයාගන්නද අනේ.....

" ඇන්ටිට දහස් වාරයක් පින් වෙන්න ඕනේ අපි වෙනුවෙන් මේ උපකාරය කරනවට......"

මං යනකොට අපේ රසිකයා ඇන්ටිට හතර ගාතෙ දාගෙන වැදුම් පිදුම් කරනවා.....

" අහ් ඇන්ටියෝ.....ඉතිං කොහොමද අනේ....."

මාත් ඉතිං දන්නැද්ද....ඔය පොඩ්ඩක් බටර් පාර ගාලා වැඩේ කරගන්න මේ රෙහාන් කොල්ලත් හරි දක්සයිනෙ....

" හොදින් ඉන්නවා පුතේ...මොකෝ මේ කට්ටියම අද අවේලාවේ කැන්ටින් එක පැත්තට වෙලා කරන්නෙ...."

" අපි මේ __ "

" අහ්....අපි මේ එක්කෙනෙක්ට පොඩි සප්‍රා....යිස් එකක් ලෑස්ති කරනවා මෙයා...ඔයා බය වෙන්න එපා සුදු ඇන්ටියෝ....අපි දැන් මෙතනින් සුටුස් ගාලා වාස්ප වෙලා යනවා හොදද ....."

~හීන~ Where stories live. Discover now