76 වන කොටස

121 18 12
                                    

" ම්ම්....කෑවද බබා......"

" නෑ....නෑ....මං  අද ගෙදර ආවා....."

" දැන් ගෙදර තනියමද අහ්....."

" එහෙනම්  කන්න ඕනේ තේරුනාද...."

" නෑ..නෑ...රණ්ඩු කරේ නෑ....."

" අනේ මේ මට ඕකි ගැන නම් කියන්න එන්න එපා බබා...ඔය ගර්ල්ස් ස්කූල් එකේ ඉන්න කෙල්ලොන්ව මට පේන්න බෑ...."

" හරි හරි එහෙනම් මං තියන්නම්.... පරිස්සමින් ඉන්න...."

" ඕකේ සී යූ....."

මේවා මේ අපේ සමාජ සංස්කෘතියට ගැලපෙන උත්තවල් නෙවෙයි අපේ හාන්දුරුවනේ....පොඩි දරුවො දෙන්නෙක් ඉස්සරහා තියාගෙන මේ වැඩිහිටියා මෙහෙම පුෂ්ප නෙලන එක හරිද මං අහන්නෙ... සදාචාර සම්පන්න නෑ ඔව්වා.....

ශෙහාන් අයියා මෙච්චර වෙලාම උගෙ ෆෝන් එකෙන් මල් කඩ කඩ ඉදලා ඊලගට ගත්තු කෝල් එක හින්දා මටයි මගේ අතිජාත මිත්තරයටයි ආයෙ කට උත්තර නැති වෙන්නම වැඩ සිද්ද වුනා..දැන් නම් හොදටම ෂුවර් මූට කෙල්ලෙක් ඉන්නවම තමයි....

" මං වොෂ් එකක් දාගෙන එන්නම් හොඳද...."

" ඇයි අද තමුසෙ මෙහෙ නවතිනවද....."

" ඔව්....."

" අනේ මේ මට නම් බෑ එක එකාගෙ කාමර අස් කරන්න හරී...."

" කවුරුත් ඕනෙ නෑ මට පුලුවන් ඒක අස් කරගන්න...."

" යැයි යැයි තමයි....."

" උඹෙ කට වැඩී හරිද....."

" යනවා ඕයී යන්න....."

ඇරපු අතක් නෑ මුන් දෙන්නා නම් තනිකරම අර මාර දූතයො දෙන්නා වගේම තමයි...නවෝද් බැලුවොත් ඇත්තං කරන්නෙ උගෙ අයියත් එක්ක එල්ලෙන්න හදන එක....ඒකටම හරියන්න අර බෝදිලිමත් ඉතිං තකට තක.....නවෝද්ව ඇවිස්සුවේ නැත්තං එහෙම මිනිහටත් නිකං කෑවෙ නෑ වගේ ඇති.....

" මොකද බං හැමදිස්සෙම මරා ගන්න හදන්නෙ...."

" ඉතිං අරූනෙ...."

" මේ ඒක නෙවෙයි නවෝද්....අයියට කෙල්ලෙක් සෙට් වෙලා වගේනෙ...."

" ඒක තමයි බං මාත් මේ කල්පනා කරේ.... මිනිහා ඔය විදියට වෙනස් වුනෙ ඒ කෙල්ල හින්දා වෙන්න බැරිද...."

~හීන~[ONGOING]Where stories live. Discover now