91 වන කොටස

106 12 17
                                    

වෙනදා ගෙවිලා ගියපු දවස් වගේ නෙවෙයි අද...

මහ අමුතුම විදියේ මුස්පේන්තු ගතියකින් මුලු ගෙදරම වගේ අද පිරිලා ගිහින් තිබුනා....ඔරලෝසුවේ කටු පවා එයාලගේ පුරුදු ගමන යන්න ටිකක් අදි මදි කරනවා වගේ......පාළුයි...... ඒ වගේම හෙන මූසලයි........

පොඩි වෙච්ච අත් දිග සුදු පාට ෂර්ට් එක... තරමක් අවුල් වෙච්ච කොණ්ඩෙ.... එක අතක මැණික් කටුව ළග තිබුණු මගේ ලා අළු පාට වොච් එක....කන්නාඩියෙන් පෙනුනු මගේම රූපේ දිහා මං ටිකක් වෙලා යනකං ඔහේ බලාගෙන හිටියා.... වෙනදට හෙන ගැහුවත් මගෙ මූනෙන් පේන්න තිබිච්ච ඒ හිනාව අද අතුරුදහන් වෙලා ගිහින් .....

මට මගේ ගෙදරින් එලියට අඩිය තියාගන්න කිසිම උවමනාවක් තිබුනෙ නෑ ..... කොටින්ම මට අද ඕන වුනේ මගේ කාමරේ අස්සට වෙලා මේ දවස ගෙවිලා යනකං නිවී හැනහිල්ලේ මේ මාත් එක්කම තනි වෙලා ඉන්න....... ඒත් මං නොගියොතිං එහෙම එයාට හුඟක් දුක හිතෙයි නේද දෙයියනේ.... මං එනකං මගේ අම්මා එතනට වෙලා මග බලාගෙන ඉන්නවනම් එහෙම මං ආපු නැති එකට එයා මාත් එක්ක තරහා වෙයි නේද.... යන්න හිතේ අකමැත්තක් ඇතුව නෙවෙයි.... ඒත් ඉතිං මොන දරුවටද පුලුවන් තමුන්ගේ අම්මගෙ මිනී වල දිහාවට හිත සතුටින් ගිහින් එන්න තමුන්ගේ හිත හදාගන්න...... මතක් වෙනකොටත් මගේ කකුල් දෙකට නිකං පණ නැති වෙන්න එනවා වගේ.....හෙන ගැහුවත් හිනා වෙලා ඉන්න එක මිනිස්සු හිතන තරම්ම ලේසි දෙයක් නෙවෙයි.......එහෙම ඉදලත් මිනිස්සුන්ට හිනා වෙලා ඉන්න ශක්තියක් නැති දවසුත් ජීවිතේ ඇතුලෙදි අපිට ඕන තරම් මූන ගැහිලා තියෙන්න පුලුවන්....අදත් අන්න ඒ වගේ දවසක්..... හැමදේම හිත අස්සේ හංගගෙන හිනා වෙලා ඉන්න අමාරු වෙච්ච දවසක්..... කොච්චර හිනා වෙලා ඉන්න උත්සාහ කෙරුවත් ඇස් වල කදුලු එලියට පනින්න බලාගෙන හිටපු දවසක්..... කොටින්ම නැගිට ගන්නවත් පණක් නැති වෙනකොට කාගෙ හරි උරහිසක වාරුවක් ඕන කරපු දවසක්......

අතට ගත්තු ෆෝන් එකේ ඩේටා ඕන් කරන ගමන්ම මං මගේ ඇද උඩින් ගිහිං වාඩි වුනා..... මැසේජස් පනහකටත් වඩා වැඩිද මන්දා....හැම එකකටම රිප්ලයි කරන්න වෙලාවක් තිබුනෙ නැති තැන මං මට විශේෂයි කියලා හිතුනු දෙතුන් දෙනාගෙ මැසේජස් වලට විතරක් රිප්ලයි කරලා ආපිට මගේ ෆෝන් එක මං පැත්තකට විසික් කරලා දැම්මෙ ලොකු හුස්මක් පිට කරන ගමන්මයි....අනිත් අයට නම් ඉතිං ඔය රෑ වෙලා හරි රිප්ලයි එකක් දාන්න බැරියෑ.......

~හීන~[ONGOING]Where stories live. Discover now