100 වන කොටස

204 16 28
                                    

ත්‍රීවිල් එකෙන් බිමට අඩිය තියනවත් එක්කම වගේ මට නොදැනුවත්වම මගේ කටින් ආව් කියලා කියවුනා.....ඒ තරම් සනීපයි මගේ කොන්දෙන් දැනිච්ච වේදනාව..... අයියා අපි ආපු ත්‍රීවිල් එකේ හයර් එක දෙනකං මං බොහොම අමාරුවෙන් ගෙදර තාප්පෙට ජැක් එකක් ගහගෙන එයා දිහා බලාගෙන හිටියේ ප්‍රෙග්නට් ගෑනියෙක් වගේ මගේ කොන්ද පිටිපස්සට එක අතකුත් තියාගන්න ගමන් ... හිටගෙන ඉන්නවා තියා මට දැන් ඉදගෙන ඉන්නවත් බැරි වෙන සීන් එකක් තමයි ලයින් වෙන්නේ... හැබැයි ඉතිං අතක් පයක් කැඩෙන්නැතුව ඔයින් බේරිච්ච එකම ලොකු දෙයක් නේද කියලා මට මතක් වෙනකොට නං කොන්දෙ කැක්කුම මට දාහකින් සම්පතක් කියලා වැටහුනා....තැල්මක් වගේද අප්පා අතක් පයක් කඩලා යනවා කියලා කියන්නෙ...ආයෙ ඉතිං මාස තුනකට එහා ගියොත් මිසක් මෙහායින් නම් ගොඩ ඒමක් ඇත්තෙම නෑ.......

" චූටි.. ගේට්ටුවේ යතුර උඹ ගාවද....."

" මං නන්දා අම්මට ගේට්ටුව ලොක් කරන්න එපා කියලා කිව්වා අයියෙ...."

පෙරේදා ගෙදරින් එලියට බහිනකොට මං ආවේ මගේ එක්ස්ට්‍රා කී එක නන්දා අම්මා ළග තියලා වෙනකොට ගේට්ටුව ලොක් කරලා යන්න එපා කියලා මං නන්දා අම්මට දවල් කෝල් කරපු වෙලාවෙදි කිව්වා.....

" බලාගෙන චූටි....."

" මට ලොකු අවුලක් නෑ අනේ...."

" උඹව දැක්කම මට අවුල ලොකුද පොඩිද කියලා හිතාගන්න පුලුවන්...කට ගහන්නැතුව පරිස්සමට අඩිය තියපං......."

ඕකනෙ ඉතිං කරන්න බැරි... අතන රත්තරං මැණික කිය කිය මාව අම්බානෙකට හුරතල් කරලා දැන් එනවා මෙතන පුස් පාට් පෙන්නගෙන...

මං අයියත් එක්ක ගෙදර ගේට්ටුව ඇරලා දාලා අපෙ මිදුල දිහාවට නොන්ඩි කොට කොටම හෙමීට ඇවිදගෙන එන්න පටං ගත්තා....ආයෙමත් මං උඹෙ ගෙදරට අඩිය තියන්නේ නෑ රෙහාන් කියලා කියපු සහස්ටම අන්තිමට එයාගේ පොරොන්දුව කඩලා දාන්න සිද්ද වුනා.... මං හින්දම දීපු පොරොන්දුව මං හින්දම කැඩිලා යනකොට අයියා මාවත් එක්කගෙන ගෙදර දොර ගාවින් ඇවිත් නතර වුනා....මං හිතන්නෙ යතුර තියෙන්න ඕන ඔය ඔතන තියෙන පාපිස්ස යට....පාපිස්ස යට තියෙන යතුර ගන්න මං නැවතුනා විතරයි මට එලොව පොල් පේන්න පටං ගත්තා...

~හීන~ Where stories live. Discover now