102 වන කොටස

203 20 38
                                    

අන්තිමට කොහොමෙන් කොහොම හරි මාමා අපේ නවෝද්ගෙයි මහිමගෙයි හුට පටේ ගැනත් අපෙ කටින්ම අහලා දැන ගත්තා......ඒ වගේම තමයි ෂාන් අයියගෙයි රිතික අයියගෙයි හොදම යාලුවො ජෝගියටත් දැන් ෆුල්ස්ටොප් එක තියන්න කාලේ හරි...මොකද මාමාට මුල ඉදන්ම උන් දෙන්නා ගැනත් අමුතු සැකයක් ඇති වෙලාලු තිබුනෙ...දැන් ඉතිං සැකේ කෙසේ වෙතත් මාමාට ඕකුන් දෙන්නව අහු වෙච්ච තැනක ඩබලගෙම රෙදි ලෙෆ්ට් වෙනවා කියන්න නං මං හොඳාකාරවම දන්නවා ....හැබැයි අපේ සෙහාන් අයියා ගැන නං රන්දිලු තාම මුකුත් දන්නෙ නෑ.... ඒ වුනාට තව වැඩි කල් යන්න කලින් එයා ඒ මනුස්සයගෙ පට්ටන්දරේ ගැනත් අග ඉදන් මුලටම දැන ගන්නවා කියන්න මට ඉර හද වගේ විශ්වාසයි.......දැන ගත්තෙ නැත්තං ඉතිං මේ මං හරි මැදිහත් වෙලා අපෙ මාමාට ඌව පාවලා දෙන එක පාවලා දෙනවම තමයි....අපි විතරක් පරිප්පු කාලා මොකෝ මේ ඌ විතරක් චිකන් හොදි කන්නද.... එව්වා ඉතිං හදේ තමයි පුතේ...... අම්මපා කියන්නෙ හිතුනොත් මං ඕකව බඩුත් එක්කම අපේ රන්දිලුට මාට්ටු කරලා දෙනවා....

" ඒ හංස සර් එන්න චුට්ටක් පරක්කු වෙනවලු රෙහානයා....."

ඊයේ රෑ වෙච්ච දේවල් සම්බන්ධයෙන් දඩ මනෝ පාරක් ගහගෙන හිටපු මට කුසල්ගෙ අකුසල් වොයිස් එක ඇහුනත් හරි උතුර දකුණ මාරු වුනා....

" මොකෑ කියන්නේ....."

" හුම්....එයා පින්සාරගෙ වැඩකට හිර වෙලා....දැන්ම එන පාටක් නම් නැති වෙයි වගෙයි ......"

මියුසික් රූම් එක අස්සට කුප්ප කුපාඩි හිනාවක් දාගෙන ආපු කුසලයා එහෙම කියනකොට නම් මාත් ඌත් එක්ක ඒ විදියටම හිනා වෙලා කොල්ලව මියුසික් රූම් එක අස්සට ඇදලා අර ගත්තා.....

" කාලෙකින් හොද ආතල් එකක් ගත්තෙත් නෑනේ...මොකෝ කස්ටිය කියන්නෙ පැදුරු පාටියක් දාමුද අහ්....."

මං මියුසික් රූම් එකේ දොර වහලා එන ටිකට මුන් රවුමට වාඩි වෙලා ඩොල්කියත් අතට අරගෙන ඉවරයි....අන්න එහෙමනෙ බං කොල්ලො වුනහම ඉන්න ඕනේ.....

" අහා අහා ඉන්න දෙයක් තියෙනවැයි පනේ ඔයා කියනවනං ඉතිං අපි ආතල් එකක් ගමු....."

කුසලයා මගේ මූණ අත ගාලා එහෙම කියනකොට ඊළග පාර මගේ දිහාවට කිට්ටූ වුනේ අපේ යසිතයා....

~හීන~ Where stories live. Discover now