88 වන කොටස

125 13 24
                                    

Java lounge කැෆේ එකට වෙලා මං බලාගෙන හිටියෙ මීට මාස ගානකට කළින් මට කෝල් කර කර පරිස්සම් වෙන්න කියපු ඒ මනුස්සයා මාව හම්බවෙන්න එනකං..... මගේ අම්මයි තාත්තයි ගැන විස්තර කියපු...මුලින් මුලින් කෑ ගැහුවට මොකද පස්සෙ මට ඒ මනුස්සයා කියපු දේවල් විශ්වාස නොකර ඉන්න බැරි වෙනකොට මං අද මෙතනට ආවේ සහස්ටත් බොරු කියලා....කොටින්ම නවෝද්ටවත් මං යන තැනක් ගැන කියන්නැතුවමයි මං අද ගෙදරින් එලියට බැහැලා මේ විදියට එන්න ආවේ....

මිනිස්සු ඒකාකාරෙට කැෆෙ එක අස්සෙ රවුම් ගහනවා...කොළඹ පාර තොට පවා අද වෙතදටත් වඩා ටිකක් කල්බලයිද මන්දා....ඒත් ඒ සේරටම වඩා මගේ පපුවෙ ගැස්ම වැඩී කියලා මං තේරුම් ගත්තා.....බයයි....සිරාවටම මං මේ කන්නේ ඉල්ලගෙනමද කියලත් මට හිතුනු වාර අනන්තයි....ඒත් මේ දේ ඇරෙන්න මට වෙන ක්‍රමයක් තියෙනවද හැමෝම එකතු වෙලා මගෙන් හංගන දේ මොකක්ද කියලා මට දැනගන්න....මේ මනුස්සයා තමයි මගේ අන්තිම බලාපොරොත්තුව...බැලූ බැල්මට නම් මේක නිකං ඩ්‍රාමා එකක් වගේ පේනවා ඇති....සිරාවටම මේක ඩ්‍රාමා එකක් තමයි.... මුන්ගේ පිටපත් වලට රගලා රගලම මට දැන් තිත්ත වෙලයි තියෙන්නේ....එක්සෑම් එකක් අස්සෙ මේ ප්‍රශ්නත් මගේ ඔලුව උඩට කඩාගෙන වැටෙනකොට සිරාවටමයි කියන්නේ  මට මේ හැම රෙද්දම දමලා ගහලා කොයි හරි යන්න තිබ්බා නම් කියලා හිතුනා......

හතට එනවයි කියලා කියපු මනුස්සයා හතයි කාල වෙනකොටවත් එතනට ඇවිල්ලා හිටියේ නෑ.... ඉතිං ඒ හින්දම මං ඒ මනුස්සයගෙ නම්බර් එක ඩයල් කරලා ෆෝන් එක මගේ කනට තියාගත්තෙ අවට වටපිටාව ගැනත් පොඩ්ඩක් සෝදිසියෙන් බලන ගමන්......

" කොහොමද පුතා......"

තත්පර ගානකට මගේ හැම බලාපොරොත්තුවක්ම බිදිලා ගියා කිව්වොත් මං හරී....මොකද මේ දැන් මගේ ඇස් ඉස්සරහට ආපු නවීන් අන්කලුයි එයාගෙ පුත්‍රරත්නයයි මගෙ ප්ලෑන්ස් ටික සේරම වගේ සුන්නද්ධූලි කරලා දැම්මා....

" මොකෝ මෙතන කරන්නෙ අහ්..."

" මං ......මං මේ යාලුවෙක්ව හම්බවෙන්න ආවා අන්කල්......"

" ම්ම්.....එහෙමද.....මං මෙතනින් වාඩි වුනාට කමක් නැද්ද පුතා....."

" නෝ ප්‍රොබ්ලම් ....."

~හීන~[ONGOING]Where stories live. Discover now