01

295 27 10
                                    

jungkook p.o.v

එයාහොස්ට කෙනෙක් තව විනාඩි පහකින් ෆ්ලයිටි එක  ජැපෑන් වලට  ලෑන්ඩ් කරනවා කියලා කියලා එනව්න්ස් කලා.හිතේ පොඩි බයක් නැත්තෙමත් නෑ ඒත් දැන් ආයේ හැරෙන්නත් බෑ..........

after landing 🛩️

මම එයාපෝට් එකේ ගොඩක් සාමාන්‍ය විදියට ඉස්සරහට ඇවිදගෙන යන අතරේ වොච් එකෙන් වෙලාව බැලුව......2.45 a.m.කියලා වැටිලා තිබ්බ ස්ක්‍රීන් එක දකිනකොට මට නිකන් ම හිනාවක් ගියා....ඒ ඇයි කියලා මමවත් දන්නෙ නෑ..ම්ම්ම්ම් එයා තාම නිදි ඇති නේද....ඔව් ...මම එයාට දුන්නු ස්ලීපින් ටැබ්ලට් නිසා එයා උදේ වෙනකං ඇහැරින එකක් නම් නෑ.මම කොහොමහරි ජිමින් හියුන්ට පෙන්නනවා එයාගෙ හුරතල් ලස්සන ජන්කුකී කොච්චර දක්ශයිද කියලා.එයා ඊයේ කිව්වනෙ මට එයාගෙන් හැංගිලා මාසයක් වත් ඉන්න බෑ කියලා.....බලමුකෝ ඔයා මාසයක් යන්න කලින් මාව හොයා ගනීද කියලා.සීයට දාහක් ශුවර් ඔයා ජීවිතේට හිතන එකක් නෑ ඔයාගේ ජන්කුකී හොර පාස්පෝට් එකකින් ජැපෑන් වලට ඇවිල්ලා ඒ වරදට මාස තුනක් හිරේ ඉදියි කියලා.මම කෙලින්ම පාස්පෝට් චෙක් කරන කවුන්ට එකක් ලගට ගියා.ඒකෙ හිටපු නූනට පාස්පෝට් එක චෙක් කරන්න දුන්නාට පස්සෙ එයා ටිකක් අමුතු බැල්මක් මම දාලා එතන තිබ්බ පෝන් එකෙන් කාටද කෝල් එකක් ගත්ත.හරි....මම හිතෙන්නේ එයා මේක හොර පාස්පෝට් එකක් කියලා දැන ගත්ත.කොහොමත් මට වෙන්න ඕනිත් ඒකමනේ මම හිමින් සැරේ මගෙ පෝන් එකෙන් චෙන්ට massage එකක් දැම්මේ 'වැඩේ හිතපු විදියට ම වෙනවා කතා කරගත්ත විදිහට ඉස්සරහට වැඩේ කරන්න කියලා' චෙන්ට massage එක දාපු ගමන් මම පෝන් එකේ සිම් එක ගලවලා කවුන්ට එකේ තාමත් කෝල් එකේ ඉන්න නූනට පේන්නෙ නැති වෙන විදියට ඈතට විසිකරා.නූනා කෝල් එක ඉවරවෙනවත් එක්කම මං ලගට ආපු තඩි පොලිස් ඔෆිස කෙනෙක් මම දිහා බලලා ආයේ නූනා දිහා බැලුවහම නූනා ඔලුව වැනුව ඒ මම තමයි කියලා සනාත කරලා.ඕකේයි ජන්කුක් දැන් පටන්ගන්නෙ ඇක්ටින් පාට් එක.ඒ පොලිස් ඔෆිස හොදට මගෙ මූන දිහා බලාගෙන හිටියේ නිකන් ස්කෑන් කරනවා වගේ.....වැරැද්දක් කියන්න බෑ ඉතින් ඒක එයාගෙ ජොබ් එකනේ.

" මිස්ට අපිට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනි.."

තඩි පොලිස් ඔෆිස කියන කොට මගෙ පිටිපස්සෙන් ආපු තව ඔෆිස කෙනෙක් මම උරහිස් වලින් අල්ලගත්තෙ මම පැනලා දුවයි කියලා වෙන්න ඇති.ඔව් ඉතින් සාමාන්‍ය හොර පාස්පෝට් එකකින් රට ආපු මනුස්සයෙක් හැසිරෙන්නේ ඒ විදියටනේ එයාල හිතන්න ඇත්තේ මාත් ඒ විදියට හැසිරෙයි කියලා🤣.ඔව් ඉතින් එයාල දන්නෙ නැනේ මම මේක ඕනිකමින් කරා කියලා

Mr.Demon'S pretty badboy  [ Jikook sinhala ]Where stories live. Discover now