02

131 22 6
                                    

author p.o.v

ජන්කුක්ගේ ස්ලීපින් ටැබ්ලට් නිසා ගොඩක් වෙලා නිදාගෙන හිටපු ජිමින් පුරුද්දකට වගේ බෙඩ් එකේ එහා පැත්ත අතගාල බැලුවත් ජන්කුක් නෑ කියලා දැනුනට පස්සෙ එයා වෝල්ට් තුන්දාහ වැදුන වගේ ඉක්මනට නැගිටලා බෙඩ් එකේ ඉදගත්තා.වෙනදට නැති අමුතුම නිදිමතක් එක්ක ඔලුව රිදෙන හින්ද ජිමින් ආයෙත් එයාගෙ කොට්ටෙට ඔලුව ඔබා ගත්ත.එයා කොට්ටෙට ඔලුව තියාගෙනම වෙලාව බලද්දී දැක්කෙ දැන් උදේ 6.43 ත් වෙලා කියලා.

" මම ඊයේ කීයටද නිදා ගත්තේ......මම තාම ඔෆිස් ගිය ඇදුම පිටින්මයි....ඒ මදිවට ජන්කුක් කොහෙ ගිහින් ද හොයන්න නෑ......"

ජිමින් තමන්ගේ බ්ලේස එක ගලවලා ඉවර වෙලා එයාගෙ වොච් එකත් ගලවලා නයිට් ස්ටෑන්ඩ් එක උඩින් තියනකොට එයා දැක්කෙ ඊයෙ එයාම ඉවර කරපු රෙඩ් වයින් ග්ලාස් එකේ පතුලේ දිය වෙලා තියන සුදු පාට බෙහෙත් පෙති දෙකක්.

" මේ මොනවද......."

ජිමින් වයින් ග්ලාස් එක එයාගෙ අත් වලට අරගෙන ඒ ග්ලාස් එක දිහා බලාගෙන හිටිය....ඒත් ක්ශනිකව ආපු සිතුවිල්ලත් එක්ක ජිමින් එහෙම්මම වයින් ග්ලාස් එකත් අරගෙන කලබලෙන් රූම් එකෙන් එලියට දිව්ව.එයා ලිවින් ඒරියා එකට එනකොටත් ටේහියුන් එයාගෙ යොන්ටෙවුන් වත් ලැප් එකේ තියාගෙන ෆයිල් එකක් බලනවා.ජිමින් ටේහියුන් ලගට එනකම්ම ටේහියුන් ජිමින්ව දැක්කෙ නෑ.ජිමින් ටේහියුන් ඉස්සරහට ගිහින් සපත්තුවෙන් පොලවට තට්ටු කරන්න ගත්තෙ ටේහියුන්ගෙ අවදානෙ එයාට අරගෙන.

" ඉදගන්නවා,මොකද උදේ පාන්දරම වයින් ග්ලාස් එකකුත් උස්සගෙන...."

ටේහියුන් ජිමින්ගෙ කලබලෙ ගනන්ගන්නෙ නැතුව එයාව කවුච් එක පැත්තට තල්ලු කරා.ජිමින් ආසම නෑ ටේහියුන් එයාට පොඩි එකෙක්ට වගේ සලකනවට ඒත් ඉතින් පොඩි කාලෙ ඉදන්ම ජිමින්ගෙ සෝල්මේට් වෙච්ච ටේහියුන්නම් ඒක නතර කලේ නැ....ජිමින් කිසිම කතාවක් නැතුව ටේහියුන් දිහාවට එයාගෙ අතේ තිබ්බ වයින් ග්ලාස් එක දික් කරා.ටේහියුන් එයාගෙ ග්ලාස් එක පොඩ්ඩක් උඩට කරගන්න ගමන් ඒ වයින් ග්ලාස් එක අතට ගත්ත...

" මේ ඔයා ඉවර කරපු එකක් ද...."

ටේහියුන් වයින් ග්ලාස් එක හරව හරව බලන ගමන් ජිමින්ගෙන් ඇහුව.තාමත් ටේහියුන්නම් හරිම කාම් විදියට ඉන්නව ඒත් ජිමින්,එයා හොදටම කලබල වෙලා ඉන්නෙ මාෆියා ලෝකේ ලෝඩ් විදියට හදුන්වන එයා මැරෙන්න පොඩ්ඩක් වත් බය නෑ හැබැයි ජිමින්ට ඕනි උන්නෑ නමක්වත් නොදන්න පෙත්තක් හින්ද නිරපරාදේ එයාගෙ වටිනා ජීවිතේ නැති කරගන්න.ජිමින්ගෙ හිත මේවෙලාවෙ යකාගෙ කම්මල වගේ ඇති කියලා ටේහියුන්ට හිතාගන්න පුලුවන් උනා එයාගෙ අවුල් වෙච්ච චෙස්ල්නට් පාට කොනඩෙයි,රතු වෙලා තියන ඇසුයි,බට්න්ස් ගැලවිලා තිබ්බ සුදු පාට ශර්ට් එකයි එක්ක.ඒත් ටේහියුන් එයාගෙ සුපුරුදු සන්සුන් විදියට ම ඒ ග්ලාස් එක දිහා බලාගෙන හිටිය.

" ඔව් ඔව් ටේ ඔයාට ඕක පොඩ්ඩක් ඉක්මනට කරන්න බැරිද මට දැනගන්න ඕනි මම බීල තියෙන්නෙ මොකද්ද කියලා ආ....අනිත් වැදගත් ම එක ජන්කුක් එයාත් මම නැගිටින කොට රූම් එකේ හිටියේ නෑ......අනේ මන්දන්නෑ මගෙ ඔලුවෙ නහරයක් වත් පුපුරයි ද දන්නෑ....s*it"

මේ නිශ්ශබ්දතාව ඉවසගන්න බැරි වෙච්ච ජිමින් කියගෙන කියවගෙන ගියේ එයාගෙ ඔලුවේ අත ගහගන්න ගමන්.ටේහියුන් නම් පොඩි හිනාවක් දාලා ජිමින්ගෙ උරහිසින් අත තිබ්බ.ටේහියුන් දන්නව ජිමින් ඔක්කොටම වැඩිය තරහෙන් ඉන්නෙ ජන්කුක් නැති එකට කියලා.අනිත් එක එයා දන්නව ජිමින්ට පොඩි වත් ඉවසීමක් නෑ කියලා.

" ආ....ඒක තමයි මේ.....ඔයා ඔච්චර තරහෙන් ඉන්නෙ ජන්කුක් නැති නිසා බයවෙන්නෙ එපා එයා අපිට නොකියා ගමනක් ගියේ අද විතරක් ද අනිත් එක ඔයා බීල තියෙන්නේ නිදි පෙති....."

ඒකෙන් නම් ජිමින් පොඩ්ඩක් සන්සුන් උනා ආයෙත් ජිමින් කලබල උනේ ක්ශනිකව

" ටේ...ටේ....මේ මැන්ශන් එකේ නිදි පෙති පාවිච්චි කරන්නෙ කව්ද....ඒ මමයි ඔයයි නෙවෙයි නම් ඒ ජන්කුක් යුන්ගි දෙන්නගෙන් එක්කෙනෙක් වෙන්න එපෑ..."

ටේත් පොඩ්ඩක් කල්පනා කරලා ආයෙ ජිමින් දිහාවට හැරුනා....

" ඒ ජන්කුක්....යුන්ගිට නම් නින්ද යාම පිලිබඳ කිසිම ප්‍රශ්නයක් නෑනෙ ජන්කුක් ඉතාලි වලට ආපු කාලෙ ඉදන් ම නිදි පෙති පාවිච්චි කරා.පස්සෙ නම් නවත්තන්න ඇති....."

ජිමින් එක සැරේට ම නැගිටලා කොහෙට ද මන්දන්නෑ ගිහින් ආයෙත් එනකොට නම් ටේහියුන් ජිමින්ව දැක්කහම බය උනා පිස්සෙක් වගේ හිනාවෙවී ආපු ජිමින් බිත්තියකට හේත්තු උනේත් පිස්සුවෙන් වගේ.

" ජන්කුක් එයා ගිහිල්ලා ඔයා දන්නවනේ එයා හිතුවක්කාරයි කියලා ඊයේ මම එයාට චැලෙන්ජ් කරා මගෙන් හැන්ගිලා මාසයක් ඉන්න කියලා....එයාගෙ කා එකත් කා පාක් එකේ....නෑ...."

ජිමින් පිස්සෙක් වගේ කියවලා එතන ටේබල් එක උඩ තිබ්බ සේරම ඕනමට් ටික කඩලා දැම්ම එයාගෙ ඇස් රතු වෙලා තරහටම කදුලු එනවා.....

" දැන් ම ජිමින් අපි ජන්කුක්ව කොහෙන් හරි හොයාගන්න ඕනි.....දැන් ම......"

ටේහියුන් කලබලෙන් කියලා දැම්ම....

" අපි බලමු මගේ ලස්සන ෆියෝන්සෙ මම ඔයාව සතියක් යන්නත් කලින් හොයා ගන්නෙ නැද්ද කියලා"

ජිමින් පිස්සෙක් වගේ කිවලා උඩ තට්ටුවට යන හැටි ටේහියුන් බලා ඉදලා එයා යුන්ගිට කෝල් එකක් ගත්තෙ වෙච්ච දේ කියන්න



Mr.Demon'S pretty badboy  [ Jikook sinhala ]Where stories live. Discover now