11

84 21 4
                                    

" සෝවූන් ඔහොම ඉන්න."

ජන්කුක් එයාට ඈතින් ෆුට්බෝල් කෝට් එකේ ඇවිදින ගමන් හිටපු.සෝවූන්ට කතා කරා.සෝවූන් ජන්කුක්ගෙ කටහඬත් එක්ක ම හිටි තැන නැවතිල ජන්කුක් දිහා හැරිලා බැලුවෙ ආයාසයෙන් ම හිනාවක් මවාගන්න ගමන්....ඇත්තටම සෝවූන්ට පොඩි චකිතයක් තිබුන ජන්කුක් එදා කියපු වචන එක්ක එයාට මූන දෙන්න.ඒ නිසා එයා පුලුවන් තරම් මේ දවස් ටිකේ ජන්කුක්ව මගහැරිය.

" තමුන් මාව මගහරිනවා සෝවූන්...ඇයි ඒ ! "

ජන්කුක් බර අඩි තියන ගමන් සෝවූන් ලගට ඇවිත් එයාගෙ උරහිස් වලින් අල්ලගෙන හොලවන ගමන් කෑ ගැහුවා.තරහට ම ද මන්දා ජන්කුක්ගෙ කම්මුල් ලාවට වගේ රතු වෙලා.

" එහෙ-ම දෙයක් නැහැ ඔයාට විකාර."

සෝවූන් ජන්කුක්ගෙ ඩෝ ශේප් ඇස් මගහරින ගමන් කියලා දැම්මෙ ජන්කුක් තව පොඩ්ඩක් කේන්ති ගස්සන ගමන්.

" ඔය බොරු! ඔයා මාව ඉග්නෝ කරනව "

ජන්කුක් ආයෙමත් තරහ අරන් කෑ ගැහුවෙ සෝවූන් ජන්කුක්ට දෙන්න උත්තරයක් හොයද්දි.

" ජන්කුක් මේ අහන්නකෝ."

සෝවූන් හිමින් ජන්කුක්ගෙ අත් වලින් නිදහස් වෙන ගමන් වටපිට බැලුව.

" එන්නකෝ අපි කතාකරලා විසදගමු "

දැනටමත් අනිත් අය ඒගොල්ලො දිහා අමුතු විදියට බලාගෙන ඉන්නව කියලා දැකපු සෝවූන් හිමීට ජන්කුක්වත් එක්කගෙන එතන තිබ්බ තනකොල ගොඩෙන් ඉදගත්තා.

" සමාවෙන්න...කෑගැහුවට මට මේව පුරුදු නැහැ."

ජන්කුක් කටහඬ බාල කරලා මිමිනුවේ බිම බලාගෙන.ඇත්තටම එයාට දැනුනෙ කියාගන්න බැරි තරම් වරදකාරී හැගීමක් සෝවූන්ට කෑගහපු එක ගැන.සමහර වෙලාවට එයා ඉක්මනට කලබල වෙලා ලොවේ නැති ප්‍රශ්න දාගන්නව.

" ඒකට කමක් නෑ."

සෝවූන් සොෆ්ට් විදියට හිනා වෙලා බිම බලාගත්තා.එයාට තේරෙන්නෑ මොනවා කියන්නද කියලා..දැන් එයාමයි කතාකරලා විසදගමු කියලා ජන්කුක් ව එක්කගෙන ආවෙත් ඒත් එයාට තෙරුම්ක් නෑ මොනවා කියන්නද කියලා.

" සෝවූන්..."

ජන්කුක් මොනවහරි බලාපොරොත්තුවෙන් වගේ සෝවූන් දිහා බැලුව....හිත හයිය කරගත්ත සෝවූන් අන්තිමට ජන්කුක්ගෙන් ඒක අහන්න හිතුවා.

Mr.Demon'S pretty badboy  [ Jikook sinhala ]Where stories live. Discover now