06

80 20 6
                                    

" ටේ...."

තමන්ට ඉස්සරහයින් කා එකේ ඉදගෙන ඉන්න ටේහියුන් දිහා බලන ගමන් ජිමින් කිව්ව.

" හ්ම්ම්ම්..."

ටේත් ජිමින්ට කතාකරන්න ඉඩ දෙන ගමන් එයාගෙ අවදානෙ ජිමින්ට දුන්න...

" ඇයි මම ජන්කුක් ගැන මෙච්චරට ම වද වෙන්නෙ...''

ජිමින් බිදුනු කටහඬකින් ටේගෙන් එහෙම ඇහුවහම එයා එයාගෙ ග්ලාස් එක ගලවලා පිහදාලා ආයෙත් දාගත්තේ " ඔයා එයාට ආදරේ" හින්දා කියන්නද " ඔයා ජන්කුක්ව ඔයාගෙ කියලා විතරක් හිතන නිසා" කියන්න ද කියලා හිතන ගමන්.

" ජන්කුක් ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ෆියාන්සෙ....ම්හ්හ් අන්න ඒ වගේ හේතුවක් හින්දා..."

ටේහියුන් පැටලිලා වගේ උත්තර දුන්නෙ එයාටත් ඒ ප්‍රශ්නෙට දෙන්න හරි උත්තරයක් තිබ්බෙ නැති නිසා....

" ඒත් මට කවදාවත් ජන්කුක්ව ඒ ඔයා කියපු එක විදියකට වත් දැනිලා නෑනේ ටේ..."

ජිමින් බිදුනු කටහඬකින් කියද්දි වෙන පැත්තක් බලාගෙන හිටපු ටේහියුන් කෙලින් ම ජිමින්ගෙ දුබුරු පාට ඇස් දිහා බැලුව.එයාට ඒ ඇස් වල තිබ්බ පටලැවිල්ල තේරුම් ගියා.

" ම්හ්හ් ජිමිනා...ඔයාට එහෙම නම් කොයි විදියට ද ජන්කුක්ව දැනෙන්නෙ.."

" ජන්කුක්....ජන්කුක් එයා නිකන් මගේ ප්‍රොපිට් එකක් වගේ...එයා මගේ බෝයිෆ්‍රෙන්ඩ් නෙවෙයි එයා නිකන් මගේ බබා වගේ...එයා එයාට දෙන්න තරම් වටින උදාහරණයක් මට තවත් මතක් වෙන්නෙ නෑ ටේහියුන්..."

ජිමින් ගැඹුරු කටහඬකින් මිමිනුවා.ටේහියුන් එයාගෙ දුබුරු පාට ඇස් දිහා බලද්දී එයා දැක්ක ඒ ඇස් දිලිසෙන විදිය.හරියට තරු පොකුරු වගේ....ඒ ඇස් හැමදාම දිලිසුනේ ජන්කුකී නිසා විතරයි.ටේට ඒක නම් හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් ශුවර්.

" ආහ් ඒක නෙවෙයි ඇයි අපි ක්ලබ් එකට යන්නෙ...ඔයා හිතනවද දැන් දවස් තුනක් තිස්සෙ ජන්කුක් ක්ලබ් එකට වෙලා කරටි කැඩෙන්න බොනවා ඇති කියලා....හ්ම්ම්ම්.."

" නෑ මට දෙයක් ශුවර් කරගන්න ඕනි..."

ජිමින් එයාගෙ චෙස්ල්නට් පාට කොනඩෙ හදන ගමන් කිව්ව.ඒත් ටේට නම් ඒක තේරුනේ නෑ.

" මොකක්ද ඔයාට ක්ලබ් එකට ගිහින් ශුවර් කරගන්න ඕනි ජිමිනා..."

" මට ශුවර් කරගන්න ඕනි ජන්කුක්ගේ කේස් එකට ජෙනීගේ සම්බන්ධයක් තියෙනවාද කියලා....."

" මොකක්..."

'' ඇයි...මම නොදන්න වෙන හතුරො ජන්කුක්ට හිටියේ  නෑ ජෙනී හැර...."

" ඔයා ආයෙත් ජෙනී ලගට යන්න හදන්නෙ කියලා නම් මට කියන්න එපා ජිමින්....."

ඒත් එක්කම ජිමින්ගේ මේ තරම් වත් තිබ්බ කන්ට්රෝල් එක නැතිවෙලා ගිහින් එයාගෙ අත් මිටි මෙලවුනා.එයාගෙ හීනි ඇස් තරහටම රතු වෙලා.බෙල්ලෙයි අත් වලයි කොල පාටින් පේන නහර වලින් ජිමින්ගේ කේන්තිය ටේහියුන්ට පෙනුනත් ටේ තාමත් එයාගෙ සුපුරුදු කාම්,පලයිට් ලුක් එකෙන්ම යි.

" මං දන්නෑ අයිසේ.....එක අතකින් අර පොඩි කොල්ල ජන්කුක්...අනිත් පැත්තෙන් අර පිස්සු ගෑනි ජෙනී....මට...මට තේරෙන්නෑ මම මොකක් කරන්නද කියලා...."

ජිමින් තරහින් ගෙරෙව්ව.ටේහියුන් දන්නව ජිමින් ජෙනීට කොච්චර අකමැතිද කියලා.ඒ වගේම එයා දන්නව ජිමින් කොච්චර පිලිගන්න අකමැති උනත් එයා ජන්කුකීට ඕනෑවටත් වඩා ගොඩක් ආදරෙයි කියලා.හරියටම කිව්වොත් ජිමින් ට ආදරේ තේරෙන්නෙ නෑ....ටේ හිතන විදියට ජිමින් මුලු හදවතින්ම කෙනෙක් ගැන හිතුවනන් ඒ අර පුංචි හුරතල් ජන්කුකී විතරයි.පිට කෙනෙක්ගෙ ආදරේ විදලා තිබුනෙ නැති ජිමින්ට ඒ එයාගෙ හිතේ තියන හැගීම තේරුම් ගන්න අමාරුයි.

" ජන්කුක්....ජන්කුක්....ඒ පොඩි කොල්ල මාව හුගක් වීක් කරනවා....."

ජිමින් ආයෙත් සැරයක් ගෙරෙව්ව.අන්තිමේදී ටේ කා එකෙන් බහින්න කලිනුත් ජිමින්ට දෙන්න තියන අන්තිම වර්නින්  එකත් දුන්නේ එයා මේ වැඩේට පොඩ්ඩක් වත් කැමති නැති නිසා.

" ඔයාට හොදට ම ශුවර් ද මේ වැඩේ කරන්න ඕනි කියලා....ඔයා දන්නවනේ ජිමින් ඔයා මේ කරන්න හදන්න වැඩෙන් ජන්කුක්ගෙයි ඔයගෙයි මැරේජ් ලයිෆ් එක උනත් විනාස වෙන්න පුලුවන් කියලා.."

ඒකට ජිමින්ට පොඩි හිනාවක් ගියා.ටේහියුන් හිතලා තියන දුර එයාටනම් එහෙමයි හිතුනේ.

" ඉතින් ජන්කුක්ව මැරි කරන්නත් ඉස්සෙල්ලා එයාව හොයාගන්න ඕනිනේ..."

ලාවට හිනා වෙන ගමන් මුමුනපු ජිමින් එහෙම්මම ක්ලබ් එකේ VIP සෙක්ශන් එකට ඇවිදගෙන ගියේ එයාගෙ ගාඩ්ස්ලා පෝලිමට එයාගෙ පස්සෙන් ඇවිදගෙන එද්දි....

" එයාවනම් වෙලාවකට තේරුම් ගන්න හරිම අමාරුයි....වෙලාවකට ඩීමන් කෙනෙක් වගේ තවත් වෙලාවකට....කියලා වැඩක් නෑ....

ටේහියුන් තමන්ට ම මුමුණන ගමන් ජිමින් ගිය පැත්තට යන්න පටන්ගත්ත...

bye ❤️

Mr.Demon'S pretty badboy  [ Jikook sinhala ]Where stories live. Discover now