15

105 19 30
                                    

" 98 "

" 99"

" 100"

" හෝලි ශිට් ! ඇයි මට නින්ද යන්නෙ නැත්තෙ."

ජිමින් එයාගෙ කින්ග් සයිස් බෙඩ් එකට වෙලා හෙල්ලෙන්නෙ වත් නැතුව ඇස් පියාගෙන සීයට ගනන් කරේ නින්ද කියන එක එයාගෙ ලගකට වත් තාම ආපු නැති නිසා.

බැරිම තැන අනිත් පැත්තට හැරිල නිදාගන්න හදපු එයාට පෙනුනෙ ජන්කුක්ගෙ photo එකක්.කලු කුමාරයෙක් වගේ කලු ඇදගෙන ෆින්ගර් හාට් එකක් පෙන්නගෙන තමයි එයා ඒ photo එකට පෝස් කරලා තිබ්බෙ.

ඒ සැරේ ජිමින් ආයෙත් උඩු අතට හැරුනත් ඒත් එයාට පෙනුනෙ ජන්කුක්ගෙයි එයාගෙයි එන්ගේච් ඩේ එක දවසෙ ගත්ත photo එක...

දෙවියනේ !

දැන් නම් ජිමින්ට එයා එහාපැත්තෙන් එයාට තුරුල් වෙලා නිදියන කෙනා නැතුව ගොඩක් අමාරුයි වගේ.

" අතුරුදහන් උනා මදිවට මට සැනසීමෙ නිදාගන්න වත් දෙන්නෙ නැද්ද බේබි "

ජිමින් ජන්කුක්ගෙ photo එකට ඇගිල්ල දික් කරලා කෑ ගැහුව.අන්තිමට ජිමින්ට ම මේක ඇති උනු නිසා එයා ඇස් පියාගෙන ජන්කුක් ගැන හිතෙන්නේ නැතුව නිදාගන්න උත්සහ කරත් එයාට ඇස් පියාගත්ත ගමන් ජන්කුක්ගෙ පිස්සු වැඩ,එයාල එකට හිටපුව,කිස් කරපුව,ඒ දෙන්න රන්ඩු කරපුව,ජන්කුක්ගෙ මුරන්ඩු වැඩ,ඒ දෙන්න කඩ්ල් කරන් නිදාගත්ත ඒව එක දිගට එයාට මතක් වෙන්න ගත්තෙ නින්ද ජිමින්ගෙ අහලකටවත් එන්නෙ නැති වෙද්දි.

ජිමින්ට මහන්සියි...ගොඩක්...ජන්කුක් ගැන හිතල ම එයාට හොදට ම මහන්සියි...ඇත්තටම එයාට ඕනි උනේ මේ හැම දේ ම අමතක කරලා දාලා රිලැක්ස් වෙන්න පුලුවන් හොද නින්දක්....හැබැයි එයාගෙ අත් ජන්කුක්ගෙ අත් වල පැටලිලා තියෙන ඕනි.

ඇත්තටම එහෙම වෙනකං එයාට සැනසීමෙ නිදාගන්න පුලුවන් වෙන එකක් නැති වෙයි.

ජිමින් අන්තිම වතාවට ඇස් පියාගෙන හොද හුස්මක් ගත්තෙ මේ සේරම දේවල් අමතක කරලා දාන්න හිතාගෙන.ඒත් එයාගෙ සයිරන් ඇස් වලින් චූටි කදුලු බිංදුවක් බේරුනා.

ජිමින් එයාගෙ බොද වෙච්ච  ඇස් වලින් ජන්කුක්ගෙ ෆොටෝ එක දිහා බලාගෙන හිටියෙ එයාගෙ හදවත සියුම්ව රිදෙන ගමන් හයියෙන් ගැහෙද්දි.

Mr.Demon'S pretty badboy  [ Jikook sinhala ]Where stories live. Discover now