19

62 10 7
                                    


සෝවූන් නිදාගෙන ඉදලා ඇහැරුනෙ දාඩිය පෙරාගෙන...එයා ඉක්මනින්  ලොකු හුස්මක් අරන් ඇස් දෙක පියාගත්ත.සෝවූන්ගෙ අයිස් කැප් එකේ නැම්ම ලගින් ගලාගෙන ආපු දාඩිය බිංදු සෝවූන්ගෙ නලල ම තෙත් කලා.එයා ඇස් දෙක ඇරල වට පිට බැලුව...කිසිම දෙයක්...එයාට කරදරයක් වෙන්න පුළුවන් කිසිම දෙයක් ඒ අදුරු බන්ධනාගාර කුටිය ඇතුලෙ තිබ්බෙ නෑ...

එයාට පුරුදු බාල සුදු බෙඩ්ශීට්ස් දාපු මෙට්ට එක්ක දම්වැල් වලින් එල්ලලා තියන ඇදවල් දෙක,පුංචි මේසය,එයාගෙයි පිස්සු දොස්තර චාලිගෙයි ඇදුම් දාල තිබ්බ පරන මිටි කබඩ් එක,ඒක උඩ තිබ්බ චාලිගෙ ආදර මැගසීන් එක වෙගේ බඩු ටිකක් විතරක් සෝවූන්ට පේන්න තිබ්බ.

සෝවූන්ගෙ මූනෙ තිබ්බෙ මහ ව්‍යාකූල පෙනුමක්,ඒ වගේම එයාගෙ ඇස් වල තැවරිලා තිබ්බ බයක්,වගේම දුකක්...

හිටි හැටියෙ ම සෝවූන්ගෙ ඇස් වලින් ලොකු කදුලු බිංදු දෙකක් එයාගෙ කම්මුල් තේමාගෙන කඩාගෙන වැටුන.

" අප්පාහ්...! "

සෝවූන් මිමිනුවෙ එයාගෙ ඉකිය පාලනය කරගන්න ගමන් දුර්වල කටහඬකින්.

" අනේහ්...මට සමාවෙන්න...ඔයාව බේරගන්න බැරි උනා...මට බැරි උනා...ඒත්...ඒත් මං කොහොම හරි ඒ ලී දොන්‍යුක් කියන එකාගෙන් පලිගන්නව අප්පා...! "

සෝවූන් කදුලු ගලන ඇස් වලින් තමන්ටම පොරොන්දු උනා.ඒත් එක්ක ම වගේ එයාගෙ එහා පැත්තෙ ඇදේ හිටපු චාලි අනිත් පැත්ත හැරුනෙ සෝවූන්ව මොහොතකට ගල් කරලා.ඒත් චාලි එහෙම්මම් හැරිච්ච පැත්තට නිදා ගද්දි සෝවූන්ගෙ බය නැති වෙලා ගියා.

ඒත් එක්කම වගේ සෝවූන්ට ඇහුනෙ කොරිඩෝ එකේ කවුරුහරි ඇවිදිනව වගේ සද්දයක් ඒව බයෙන් බයෙන් තිබ්බ පියවරවල් නෙවෙයි  හරි ම සැහැල්ලුවෙන් තිබ්බ පියවරවල්...

සෝවූන් හිමින් අඩි තියන ගමන් කොරිඩෝ එකට එබුන.එයාට බලාගන්න පුළුවන් උනේ කොරිඩෝ එකේ පත්තු වෙන දුර්වල කහ පාට බල්බ් එලියෙන් එයාට පිටුපාල කොරිඩෝ එකේ ඇවිදගෙන යන ජන්කුක් ව...

Keep it together, don't let the people know
How bad the weather in your head really goes
You don't want to feel like a burden at sixteen, the world turned so cold
So keep it together, don't let the tears hit the floor

Mr.Demon'S pretty badboy  [ Jikook sinhala ]Where stories live. Discover now