Chapter 1

62 9 77
                                    

*at Enhypen Dome*

*Author POV*

සුපුරුදු පරිදි Enhypen dome එක හරිම කලබලකාරී ලෙස දවස ආරම්භ කලා. මේ dome එකෙ සද්දයක් ඇහෙන්නෑ කියන්නෙ ඒක ලෝක පුදුම හතෙන් එකක්. මොකද කිව්වොත් රෑ දවල් කියලා නෑ කට්ටියට බෙරිහන් දි දී ගේම් ගහන්නයි, practice කරන්නයි.

ඉතින් අදත් වෙනදා වගේ ම ජන්ග්වොන් මුලින් ම ඇහැරියා. ඊලගට සෝනු. ඒ දෙන්නා තමා මේ Dome එකේ මුලින් ම ඇහැරෙන අය. ඊට පස්සෙ පිලිවෙලට ජේ, ජේක්, නිකී, සන්ග්හූන් ඇහැරියා. ඔයාල බලනවා ඇති නේ හීසන්ග් කොහෙද කියලා එයා තාම හීන ලෝකෙ නිදි කුමරිය එක්ක බර කතාවක.

*Author POV end*

*Jungwon POV*

අදත් වෙනදා වගේ ම මම තමයි මුලින් ම ඇහැරුනෙ. ඊලගට weverse ගිහින් Engene post වලට comment කලා. එයාලා හරි ලස්සන post දාලා තියෙනවා අපිට. ඒවා වලින් තේරෙනවා එයාලා අපිට කොච්චර ආදරෙයි ද කියලා. ඉතින් ඒ හැම post එකක් ගැනම බලන එක මගේ වගකීම.

ඊලගට ජේ හ්‍යුන් ව හොයන් යන්න ඕන උදේට කන්න මොනාද තියෙන්නෙ කියලා බලන්න. ඔයාලා දන්නවද ජේ හ්‍යුන්ට රසට කෑම හදන්න පුලුවන් 😌. එයා ඉන්න හින්දා තමා අපි මෙහෙම හරි කන්නෙ. මොකද කිව්වොත් අපි කාට වත් හරියට නූඩ්ල්ස් එකක් වත් හදන්න බෑනෙ.

"ජේ හ්‍යුන් ...... ඔයා
කොහෙදෝඕඕඕඕඕ"

"ජන්ග්වොනා මන් කුස්සියේ ඉන්නෙ. ඇයි කතා කලේ?"

"නිකන් අනෙ. මොනාද හදන්නෙ හ්‍යුන්?"

"බිත්තරයි, බේකනුයි එක්ක පාන්. ඒක අවුලක් නෑනෙ උදේට කන්න. නේද... Dome එකෙ තියෙන්නෙ ඔච්චරයි. අද company එකට ගිහින් එන ගමන් බඩු ගන්න ඕන. ජන්ග්වොනා ඔයා දන්නවද පාන් වල කැලරි කොච්චරක් තියෙනව ද කියලා? "

"නෑ හ්‍යුන්"

ඔයාලා දන්නෙ නෑනෙ ජේ හ්‍යුන් ලෝකෙ තියෙන හැමදේම ගැන දන්නවා. එයා එක්ක දවසක් හිටියොත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් 😌

"100g ක කැලරි 265 ක් තියෙනවා. පාන් පෙති දෙකක් කෑවොත් කැලරි 133 හම්බවෙනවා. බිත්තර වල තියෙනවා කැලරි 66 ක්. බිත්තර දෙහෙකින් ඔම්ලට් හැදුවොත් කැලරි 183 හම්බවෙනවා. බේකන් slice තුනකින් කොච්චරක් කැලරි හම්බවෙනවා ද කියලා දන්නව ද?"

The Crown  (Ongoing)Where stories live. Discover now