*at Enhypen practice room*
*Author POV*
Director-nim එක්ක තිබුන meeting එකෙන් පස්සෙ කට්ටියම practice room එකට ආවා. කොච්චර practice schedule දාලා නෑ කිව්වත් නිකන් හරි practice room එකට වෙලා ඉන්න මෙයලා හරි කැමති. එහෙම හිටියත් මොකක් හරි සින්දුවක් දාලා ඒකට freestyle හරි dance කරනවා. කොච්චර practice කරනවද කියනව නම් Practice room එකෙ ඉන්න කොට වෙලාව යනවා තේරෙන්නෙත් නෑ.
"ජන්ග්වොන් හ්‍යුන් මේ step එක එන්නෙ මෙහෙම නේද"
"Oo නිකි මෙතනින් මෙහෙම වමට තියන්න. ඊට පස්සෙ අත් දෙක cross කරන්න."
"මේ විදිහට ද "
"අන්න දැන් හරි."
ජන්ග්වොන් නිකී දෙන්නා එයාලගෙ අලුත් dance cover එකේ steps පුරුදු වෙනවා. ඒ අතරෙ සෝනු speakers ලගට වෙලා ඒයාගෙ mic එකේ sounds check කරනවා.
"සෝනු හ්‍යුන් ඔයා මට තාම ඊයෙ කිව්ව step එක කියලා දුන්නෙ නෑ."
"ඒක හීසන්ග් හ්‍යුන් ගෙන් අහන්නකො ජන්ග්වොනා හ්‍යුන් ගෙ තමා idea එක. මම මෙතන චූටි වැඩක."
"අයියෝ හීසන්ග් හ්‍යුන්ට නින්ද ගිහින් හ්‍යුන්. හැබැයි එයාට සාමාන්‍යයෙන් මෙතන නින්ද යන්නෙ නෑනෙ "
"ඒක තමා ජේ හ්‍යුන්ට නින්ද ගියත් හීසන්ග් හ්‍යුන් practice room එකේ නිදා ගන්නෙ නෑනෙ. phone එකෙන් ගේම් ගහන එකනෙ කරන්නෙ. මොකක් හරි අසනීපයක් ද දන්නෑ නේ ?."
"ඒක තමා...ඔහොම ඉන්න කතා කරලා බලන්න."
මේ ඔක්කොම වැඩ අතරෙ හීසන්ග් practice room එකේ sofa එක උඩ නිදි. ජන්ග්වොන් කිව්ව විදිහට නම් හීසන්ග් practice room එකෙ නිදා ගන්න කෙනෙක් නෙවේ. ඒක හින්දා ඉතින් එයා ගියා එයාලාගෙ ලොකු හ්‍යුන්ට මොකද වෙලා තියෙන්නෙ කියලා බලන්න.
"හීසන්ග් හ්‍යුන්... හීසන්ග් හ්‍යුන්"
"..."
"හී...සන්ග් හ්‍යූ...න්"
"ඕ...ඕහ් ක...ඔහ් ජන්ග්වොනා මොකද මේ?? "
"මමනෙ ඒක අහන්න ඕන හ්‍යුන්. හ්‍යුන් මොකද practice room එකෙ නිදි ?? මොකක් හරි අසනීපයක් ද?? ඇගට අමාරුයි වගේ ද??"
YOU ARE READING
The Crown (Ongoing)
FanfictionVacation trip එකක් අතර මැද නොසිතූ ලෙස කුමරියකට උදව් කරන්න ලැබුනොත්...