Chapter 18

13 2 13
                                    

සාදය ඉවර උනාට පස්සෙ කතා කර ගත්ත විදිහට හැමෝම හීසන්ග් ගෙ කාමරේට ආවා. හැබැයි නිකි ට නම් එළියට එන්න ටිකක් අමාරු උනා.

නිකි තාම ළාබාල කුමාරයෙක් නිසා මාලිගාවෙ එහෙ මෙහෙ තනියම යන එකට ජපන් පාලිකාවො පොඩ්ඩක්වත් කැමති උනේ නැ. ඒත් ඉතින් නිකි එහෙම කාමරේ ඉන්න කැමති කෙනෙක් නෙවෙයි නෙ. ඒක නිසා පාලිකාවන් ට හොරෙන් කාමරෙන් පැන ගත්තා.

"හම්මෝ...හයිබ් එකෙන් පනිනවාට වඩා අමාරුයි මේ පාලිකාවන් ගෙන් බේරෙන එක." නිකි හති අරින ගමන් කිව්වා.

"ජපන් කුමාරයා පොඩි කාලෙ ඉදන් මාලිගාවෙන් පැනලා නගරෙ ඇවින්න යන නිසා පාලිකාවන්ට පුරුදුයි එයාව අල්ලලා." සෝනු හිනා වෙන ගමන් කිව්වා.

"හරි හිනා" නිකී සෝනු ට රවලා කිව්වා.

"හ්‍යුන් දැන්වත් කියන්නකො මොකද්ද වෙන්න යන්නෙ කියලා" උන දේවල් ඔක්කොම එක්ක කුතුහලය දරාගන්න බැරුව හිටිය ජන්ග්වොන් හීසන්ග් ගෙන් ඇහුවා.

"මුලින් හැමෝම වාඩි වෙන්න කො." හීසන්ග් හැමෝටම වාඩි වෙන්න කියලා එයාගෙ කතාව පටන් ගත්තා. ඒ වෙන කොටත් නිකි නම් හීසන්ග් ගෙ ඇඳේ හොද ම තැනක් අල්ලගෙන හිටියෙ. අනිත් අයත් ඇඳේ ඉඩ තියෙන විදිහට වාඩි උනා.

"හරි...මේකයි උනෙ." හීසන්ග් එයාගෙ කතාව පටන් ගත්තා. "මායි සෝනුයි රජතුමාව හම්බවෙන්න ගියෙ තරඟෙට එන්න වෙන්නෙ නෑ කියලා කියන්න."

"ඒ උනාට ඉතින් හ්‍යුන් දැන් ඒකට යනවා නෙ" ජේක් කතාවට මැදින් ඇඩ් එකක් දැම්මා. කට්ටියම ජේක් දිහාවට හොද රැවිල්ලක් දැම්මා.

"ඔව් ඉතින්. හරියට විස්තරේ අහන්න කො" හීසන්ග් ආයේ කතාව පටන් ගත්තා. "ඒත් අපිට හම්බුනෙ රජතුමාව නෙවෙ රැජිණව. ඔයාලා දන්නව ද රැජිණ අපි දෙන්නට කතා කලෙ කොහොමද කියලා?"

"දැන ගන්න කියන්න එපැයි හ්‍යුන්" නිකි කිව්වා.

"හරි හරි නිකන් ඇහුවෙ." හීසන්ග් නිකි ගෙ ඔලුවට තට්ටුවක් දාලා කිව්වා. "රැජිණ අපි දෙන්නට කතා කලේ හීසන්ග්, සෝනු කියලා"

"ඉතින් ඒක ඔයාලා දෙන්න ගෙ නම් නෙ" සන්ග්හූන් කිව්වා.

"අනේ මෝඩ පැටියො. අපි ඉන්නෙ දහනව වන සියවසෙ. මෙහෙ කවුරුත්වත් අපේ ඇත්ත නම් දන්නෙ නෑ" සන්ග්හූන් ගෙ බඩට පාරක් දීලා ජේ කිව්වා.

You've reached the end of published parts.

⏰ Last updated: Aug 17 ⏰

Add this story to your Library to get notified about new parts!

The Crown  (Ongoing)Where stories live. Discover now