2024 මාර්තු 5 ස්පාඤ්ඤය, මැඩ්රීඩ් මාලිගය
"ජන්ග්වොන් ශී ඊලගට අපි දේවස්ථානය බලන්න යන්න ඕන." කෝල් එක ඉවර වෙලා ආයෙ හිටපු කාමරයට එන ගමන් මැනේජර් Hyungwon කිව්වා.
ඒත් මැනේජර් එන කොට ENHYPEN හැමොම සිහි නැතුව බිම වැටිලා හිටියෙ. Bodyguards ල ත් ඒක දැක්කෙ නැත්තෙ එයාලා කාමරෙන් එළියෙ හිටිය නිසා.
"ජන්ග්වොන් ශි, හීසන්ග් ශි ඇස් අරින්න. ගාඩ්ස් ඉක්මනට එන්න. ඇම්බියුලන් කතා කරන්න. කට්ටියම ඉක්මනට එන්න.." මැනේජර් සිහි නැතිව වැටිලා ඉන්න ජන්ග්වොන් ගෙයි හීසන්ග් ගෙයි මූනට තට්ටුවක් දාන ගමන් ගාඩ්ස් ල ට කතා කලා.
මේ වෙන කොට මාලිගය ඇතුලෙ කඩි ගුලක් ඇවිස්සිලා වගෙ තිබුනෙ. මීඩියා වලට මේ සිද්ධිය යන්නෙ නැති වෙන්න හැම තැන ම රාජකීය අරක්ෂකයො දාලා ආරක්ෂාව වැඩි කරලා.
ඉක්මනට ඇම්බියුලන්ස් වලට කතා කරලා ගෙන්න ගත්ත නිසා හිතුවටත් වඩා අඩු වෙලාවකින් ස්පෙයින් ජාතික රෝහලට ENHYPEN ඇතුලත් කරන්න පුලුවන් උනා.
හොස්පිට්ල් එකට අරන් ආව ENHYPEN Members ල ව ER ඇඩ්මිඩ් කලා. ඊට පස්සෙ ඩොක්ටර්ස් ලා එයාලව චෙක් කලා.
"ඩොක්ටර් මෙයාට මොකද්ද වෙලා තියෙන්නෙ? ඇයි තාම සිහිය ආවෙ නැත්තෙ?" මැනේජර් Hyungwon එතන හිටිය ඩොක්ටර් කෙනෙක් ගෙන් ඇහුවා.
"හත් දෙනාගෙම හැම රිපෝට් එකක් ම නෝමල්. එයාලා මොකක් හරි දේකට කම්පනය වෙලා තියෙනවා. ඒක හින්දයි තාම සිහිය ඇවිල්ලා නැත්තෙ. අපි කරන්න පුලුවන් හැමදේම කරනවා. බය වෙන්න එපා." ඩොක්ටර් කිව්වා.
මේ ගැන HYBE head quarters එක දැනුත් කරපු මැනේජර් Hyungwon ට නම් එච්චර හොද ප්‍රතිචාරයක් නෙවෙයි ලැබුනෙ. මොකද මේක Artist කෙනෙක් ගෙ ජීවිතය ගැන ප්‍රශ්නයක් නිසා. ඒ වගේ ම මේ සම්බන්ධව විමර්ශනයක් කරන්න HYBE දැනටමත් අදාල අංශ වලට භාර දීලා.
°°°°
"සන්ග්හූන් හ්‍යුන් කවුද දන්නෑ නෙ කොරිඩෝ එකෙ දිව්වෙ" නිකි සන්ග්හූන් ගෙන් රහසින් ඇහුවා.
"කවුද දන්නෙ නිකි. මාලිගාවෙ කෙනෙක් වෙන්න ඇති" සන්ග්හූන් ත් නිකි ට රහසින් කිව්වා.
YOU ARE READING
The Crown (Ongoing)
FanfictionVacation trip එකක් අතර මැද නොසිතූ ලෙස කුමරියකට උදව් කරන්න ලැබුනොත්...