"හාකො එහෙනම්" ජේක් තව චෙරි ගෙඩියක් කෑවා.
"සෝනු හ්යුන් ඔයාගෙ කන් දෙක රතු වෙලා ඇයි?"
කේක් කෑල්ලක් කන ගමන් හිටපු නිකි සෝනු ගෙන් ඇහුවා.
"මගේ?" සෝනු කන් දෙක අල්ල ගත්තා. "වෙන්න බෑ. සීතලට වෙන්න ඇති."
"හ්ම්ම්... එහෙම ද" නිකි ලොකු කේක් කෑල්ලක් කටේ දාගන්න ගමන් කිව්වා.
"හ්යුන් ලා තාම හිට ගෙන ඇයි. වාඩි වෙන්න අදහසක් නැද්ද." ජන්ග්වොන් ඇහුවා.
හීසන්ග් සෝනු දෙන්නා රැජිණ කිව්ව දේවල් හින්දා ෂොක් වෙලා හිටිය නිසා ඉද ගන්නත් අමතක උනා.
ජන්ග්වොන් ඉද ගන්න මතක් කලාට පස්සෙ තමා දෙන්නට ම ඉද ගන්න මතක් උනෙ.
ඒ දෙන්නා ඉද ගත්තාට පස්සෙ සේවිකාවො දෙන්නෙක් ඇවිල්ලා එයාලට කෑම පිළිගැන්නුවා.
හීසන්ග් පාන් පෙත්තක බටර් ගලා කන්න හදන කොට ම වයින් වීදුරුවකට හැන්දකින් තට්ටු කරනවා ඇහුනා.
රාජකීය සාදයක දී විශේෂ දෙයක් කියන්න යන කොට තමා එහෙම කරන්නෙ.
වයින් වීදුරුවත් අතේ තියන් හිටිය රැජිණ දිහාවට ශාලාවෙ හිටිය හැමෝගෙම අවධානය යොමු උනා.
"සුභ සන්ද්‍යාවක්. මට විශේෂ දෙයක් කියන්න තියෙනවා."
ඒත් එක්කම ශාලාවෙ හිටිය අය අතර එක එක කසුකුසු ඇහුන.
"හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙන එලෙනෝරා කුමරියගෙ විවාහය පිළිබඳ මම සහ රජතුමා ඇතුලු ඇමති මණ්ඩලයේ ඒකමතික තීරණය මත එකඟතාවයකට පැමිණියා."
හීසන්ග් සෝනු දෙන්නා රැජිණ කියන්න යන්නෙ මොකද්ද කියලා කලින් ම දන්නෙ හින්දා සන්සුන්ව හිටියා. ඒ උනාට අනිත් පස් දෙනාට මොකුත් හිතා ගන්න බැරුව හිටියෙ.
"එලෙනෝරා කුමරිය ට සුදුසු සහකරුවෙක් තෝරා ගැනීම සදහා තරඟයක් සංවිධානය කිරීමට අප තීරණය කර තිබෙනවා."
"තරඟයක්" ශාලාවෙ හිටිය හැමෝම අතර ආයෙ කසුකුසුවක් පැතිරුනා.
කුමරියට සහකරුවෙක් තෝර ගන්න තරඟයක් පවත්වන පුවත හැමෝම අතර තිබුන ප්‍රසිද්ධ රහසක්. ඒත් ඒක මෙච්චර ඉක්මනට තියයි කියලා කවුරුත් හිතුවෙ නෑ. තරඟයට සහභාගි වන අයට තර්ජනයක් ඇති විය හැකි නිසා මේ ගැන ප්‍රසිද්ධ කලේ නැහැ.
YOU ARE READING
The Crown (Ongoing)
FanfictionVacation trip එකක් අතර මැද නොසිතූ ලෙස කුමරියකට උදව් කරන්න ලැබුනොත්...