Chapter 12

28 4 45
                                    

1824 මාර්තු 5 Hispania (අතීත ස්පාඤ්ඤය) - මැඩ්රීඩ් රාජකීය මාලිගය.

වසර ගනනාවකට පසුව Hispania රාජ්‍යයෙ වසන්ත උත්සවය පැවැත් වීමට සියලු කටයුතු සූදානම් කරමින් තිබෙ. දීර්ඝ කාලයක් පැවති නියන් සමය අවසන් කර වර්ෂාව ලැබීම හේතුවෙන් හය වන ෆර්ඩිනැන්ඩ් රජු හෙවත් ස්පාඤ්ඤයේ රජු විසින් මෙය සංවිධානය කලහ. එමෙන් ම රාජ්‍යයෙ ඔටුන්න හිමි කුමරියගෙ විසි දෙවන වන ජන්ම දිනයද මෙයත් සමගම යෙදී තිබුනහ. ස්පාඤ්ඤයත් සමග මිතුරු දේශයන් රාශියකට මෙම සාදය සදහා ආරාධනා කර ඇත.

අලංකාර මල් සැරසිලි වලින් මැඩ්රීඩ් මාලිගයෙ සෑම තැනක් ම සරසා තිබුනහ. ඉතා ප්‍රවේසමෙන් යුහුසුළුව කාර්යයන් හී නිරතව සිටින සේවකයන් මාලිගාව පුරා විසිර සිටියහ. ස්පාඤ්ඤය පාලනය කල අතීත රජවරුන් ගෙ පිළිම සහ චිත්‍ර, මූර්ති වලින් වලින් ප්‍රධාන ශාලාවෙහි කෙටි බිත්ති සරසා ඇත. වීදුරු වලින් නිමවන ලද chandelier පහන් ශාලාව සිවිලිම සරසවමින් එල්ලා තිබුනහ.

 වීදුරු වලින් නිමවන ලද chandelier පහන් ශාලාව සිවිලිම සරසවමින් එල්ලා තිබුනහ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රාජකීය මුළුතැන්ගෙය වෙනදාටත් වඩා කාර්යබහුල විය. රටවල් ගනනාවකට අයත් ආවේණික ආහාර පාන බොහොමයක් රාජකීය සූපවේදින් විසින් පිළියෙල කලහ. පෙරදිග ඉන්දියානු, චීන ආහාර මෙන් ම අපරදිග ඉතාලි, ප්‍රංශ වැනි ආහාර ද පිළියෙල කලහ. තව ද ස්පාඤ්ඤයේ බොහො ඉපැරණි රහස් වට්ටෝරු අනුව රාජකීයන් සදහා සුවිශේෂ වූ ආහර පාන ද සකස් කරන ලදි.

"සාදරයෙන් පිළිගන්නවා ඔබතුමන්ලව අපගේ රාජ්‍යට." ප්‍රධාන අමාත්‍යතුමා විසින් රාජකීය අමුත්තන් පිළිගත්තහ. "මේ දෙසින් පැමිණෙන්න."

"ඔහ් ස්තුතියි ඔබට."

"සාදරයෙන් පිළිගන්නවා බෙල්ජියම්  කුමාරවරුනි. මෙහි පැමිණි ගමන ඉතා වෙහෙසකර ඇති" ප්‍රධාන අමාත්‍ය පැවසුවා.

The Crown  (Ongoing)Where stories live. Discover now