හීසන්ග් සෝනු දෙන්නා රජතුමාව හම්බ වෙන්න එතුමගෙ කුටියට ගියා.
දෙන්නා ටිකක් බය වෙලා වගෙ හිටියෙ. වැඩ්ඩො දෙන්නා වගෙ ආවට රජතුමාව කොහොමද කැමති කර ගන්නෙ කියලා දෙන්නටම කිසිම අයිඩියා එකක් තිබ්බෙ නැ.
හැබැයි කුටිය ඇතුලෙ හිටියෙ රජතුමා වෙනුවට රැජිණ.
රැජිණ හීසන්ග් ල ගෙ අඩි සද්ද ඇහුන හින්දා දොර දිහාවට ලාවට හැරිලා ආයෙ අනිත් පැත්ත හැරුනා.
"හීසන්ග් , සෝනු ඔබලා මෙතරම් දුරක් පැමිණිම ගැන කෘතඥ වෙනවා." ජනේලෙන් එළිය බලන් හිටිය රැජිණ කිව්වා.
හීසන්ග් සෝනු දෙන්නා හොදට ම පුදුම උනා. මොකද එයාලා අනාගතයෙන් ආව අය කියලා කවුරුත් දන්නෙ නෑනෙ.
"රැජිණනි, අප-"
"මා දන්නවා ඔබලා අනාගතයෙන් පැමිණි අය බව. ඒ වගේම මමයි ඔබලා ගෙන් උපකාර බලාපොරොත්තු වූයෙ."
හීසන්ග් කියන්න ගිය එක නවත්තලා රැජිණ කතා කතා කලා.
"නමුත්...එය කෙසේද සිදුවන්නෙ" හීසන්ග් ඇහුවා.
"මමයි ඔබලා ව මෙහි කැඳවූවෙ." රැජිණ සන්සුන් ව කිව්වා.
"මොකක්..." හීසන්ග් සෝනු දෙන්නා ලොකු ප්‍රෙහේලිකාවක පැටලුනා වගෙ දැනුනෙ.
"ඔබතුමී නේද අපිට එදා හීනෙන් කතා කලෙ." සෝනු ඇහුවා.
"ඔව්...ඒ මම තමයි."
"නමුත් අපි අනාගතයෙ ඉදන් අතීතයට එන්නෙ කොහොමද. අවුරුදු දෙසීයක් අතීතයට." සෝනු ඇහුවා.
"ගේල්...ඔහු තමයි ඔබලා පිළිබඳ මට පැවසුවෙ. මැඩ්රීඩ් මාලිගයේ තිබෙන එඬේරගෙ ඔරලෝසුව මගින් කාලය හරහා ගමන් කල හැකියි."
"Aa...එදා හීසන්ග් හ්‍යුන් ඒ ඔරලෝසුව ඇල්ලුවා නෙ. ඊට පස්සෙ තමා අපි මෙහෙට ආවෙ." සෝනු කිව්වා.
"ඔව්. ගේල් නිකි ට දුන්න මාලයෙන් ඔරලෝසුව ආරෝපණය උනා. එවිට කාලය හරහා යා හැකි දොරටුව විවෘත උනා." රැජිණ කිව්වා.
"Aishh...මට හිතුනා එයා අමුතු කෙනෙක් කියලා. ඒත් එතකොට ගේල් කියන්නෙ හොල්මනක් ද." හීසන්ග් ඇහුවා.
"නැහැ ඔහු මනුස්සයෙක්." රැජිණගෙ මුහුනෙ සිහින් සිනහවක් ඇඳුනා හීසන්ග් ගේල් ගැන අහපු විදිහට.
YOU ARE READING
The Crown (Ongoing)
FanfictionVacation trip එකක් අතර මැද නොසිතූ ලෙස කුමරියකට උදව් කරන්න ලැබුනොත්...