"ආ පොඩි බේබි!!!
"ඉමංසි!!!බැහැපන් බන් බිමට කොන්ද කඩන්නද හදන්නේ උබ...
" හරි හරි බ්‍රෝ ...ඉතින් ඉතින් කෝහොමද සැප දුක ආ...
" හොදයි තමුසේට කොහොමද වීරසේකර මැනිකේ!!
කට කොනේ හිනාවක් එක්ක හැරුන මං දිහා තිදසි ඇස් ලොකු කරන් බලන් ඉද්දි අපි දෙන්නා පොඩි හග් එකක දුන්නා..
" අඩෝ තමුසේ වෙනස් වෙලා යකෝ...කෙල්ල හැඩ වෙලා කොල්ලා වෙලා වගේ...
"පලයන් බං යන්න අච්චිගෙන් කිය විල්ල ආවා විතරයි උබලාත් එනවා ගගා එන්න කිව්වා ඉතින් ආවා ..
" නැන්දා මාමලා ???
"ඇතුලේ ඇතුලේ බන් ...
" ම්ම්ම්ම්
" මේ කවුද බන් මේ???
"මේද ...මම මැරි කරන්න ඉන්න කෙල්ල!!
"අඩෝ....බොරු... නැන්දලා කතා කරා කිව්වට විශ්වාස කරෙව් නෑ යකෝ මම...
" ම්ම්ම්ම්...
" ඉතින් නෑනෝ කොහොමද??මම ඉමංසි නෑකම් අහන්න එපා මුටයි මටයි නෑකම් මතක නෑ නැද්ද බන් ...
" අනිවා... තිදසි මේ ඉන්නේ ඉමංසි මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්...
"මන් හොදින් අක්කේ... අක්කට කොහොමද??
" හොදින් ඉන්නවා... නෑනා බයයි වගේ උබ වගේ යකෙක්ට නෑනා සෙට් නෑබන්...
"ඒක මම බලාගන්නම් වරෙන් ඇතුලට යන්න...
මායි තිදසි ඉමංසි ඇතුලට එද්දි හැමෝම අමාශි පැහැසි එක්ක ආවා.
"අඩෝ... අපි මේ එන්න ආවේ උබලා නැති නිසා ඉස්සුවද දන්නෑනේ ...
" පලයන් බන් යන්න ...
" ඒ මේ කවුද බන්??
"ආ මේ මගේ යාලුවෝ දෙන්නා පැහැසි අමාශි...මේ ඉන්නේ බන් අපේ ආච්චි අම්මගේ පැත්තෙන් මට නෑ වෙන අක්කා කෙනෙක් ඉමංසි...
කට්ටියත් එක්ක කියලා පැහැසි අමාශි එක කාමරේකට යදි මගේ කාමරේට තිදසි එක ආවා.කිසිම වෙනසක් නෑ බඩු තිබ්බ විදිහමයි.ආච්චි අම්මාගේ වැඩ මේ මේ කාමරේට මම ඇරෙන්න අස්කරන්න උනත් එන එකම කෙනා ආච්චි අම්මා ඒ ඇරෙන්න මම් නැති වෙලාවට මේ කාමරේ දොර කාටත් ඇරිලා නෑ.මම ඉද්දි කවුරු ආවත් මම නැති තැන ආච්චි අම්මා මේ කාමරේට එන්න කාටවත් දුන්නෑ.අස්පස් කරන්න උනත් ආවේ ආච්චි අම්මා විතරයි.මට මතකයි ඔලේවල් කාලේ ගමේ ආවම පාඩම් කරන්න ඒ කාලේ ඉදන් ආච්චි අම්මා මාව වගේම මගේ කියන දේවල් ඇහේ මුහුනෙ තියන් රැක්කා.ඒ ආදරේ අකුරු වලට පෙරලන්න පුලුවන් ආදරයක් නෙමෙයි.
YOU ARE READING
සූදූ රෝස 🤍🌕(Complet ✅)
Romanceසමහර මිනිස්සු ඉන්නවා කවරෙ ලස්සන උනා නැතා කතාව කොහෙන් කියෙව්වත් හැඟීම් දැනෙන හරියට මගෙ මැණික උඹ වගේ.... ~ගෞරවී තිහස්යා ද්වාර්වී🌼❤️