මේ දවස් වල හැමෝම වගේ වෙඩින් එකට ලෑස්ති වෙනවා.අමාශි ,නෙතුදි නංගි අම්මා එක්ක එක එක දේවල් ලෑස්ති කරද්දි.මම වෙනදා වගේම මගේ වැඩ එක්ක බිසි උනා.ආන්යා දැන් මා එක්ක ටිකක් නෙමෙයි ඕනවට වඩා කතා කරනවා.මා එක්ක ගමන්ක් ගියොත් මගෙන් වචන පහක් නම් එයා වචන සියක් කියලා ඉවරයි.එයා කටකාර කෙල්ලෙක්.මම හවස ගෙදර යනකො අමාශිලා ගෙදර ගිහින් ගෙදර ආව මම වොශ් එකක දාලා ඇදේ ඉදගෙන ලැප් එකේ වැඩක් කරකර ඉන්න කොට අම්මා කාමරේට ආවා.
"අම්මා!!!
"පුතා...පොඩ්ඩක් කතා කරන්න පුලුවන් ද වැඩක්ද ඔයා??
"නෑ අම්මා....එන්න...
ලැප් එක පැත්තකින් තියපු මම අම්මාගේ උකුලේ ඔලුව තියාගත්තා.
"මොනාද මගේ ලව් එකට කියන්න ඕන????
" මේකයි පුතා...ආන්යා පොඩි එක ඔයයි මායි අපි හැමෝම දන්නවා....ඒ කෙල්ල ඉගෙන ගන්න ආසයි...ඉතින්....
"මම ඒකට මුකුත් කිව්වේ නෑනේ ලව්...එයා ආසනම් කරන්න දෙන්න...ඇයිමේ....
"පුතේ...මට බය ඔයා ආදරේ නොකර දෙන්නා බැදලා...දෙපැත්තකට වෙයි කියලා....ඒ ලමයා පොඩි දරුවෝ....ඔයා එයාට වඩා ලොකුයි...මම කියන දේ තේරෙනවනේ...එයා කටකාරයි...හිතට එනදේ කියනවා...
"ම්ම්...අම්මා හිතන්නේ මගේ කේන්තිය එයාට දරාගන්න බැරිවෙයි කියලනම්...මම ඉවසන්න ට්රයි කරන්නම්...අම්මා...ඔයා ඒයා ගැන බය වෙන්න එපා...අනික මම නෑ කියලා නෑ...එයාව බලාගන්න අම්මා ඉන්නේ....
"ඒ කිව්වේ....ඔ...යා...ඔයාලා එපාට්මන් එකට.....යන්නේ නැද්ද පුතේ....අනේ ඇත්තමද දරුවෝ ....
"ම්ම්ම්....ඔයාලව දාලා යන්නේ නෑ...එපාට්මන් එක බලාගන්න ඉන්නවනේ ....මම තීරණය කරා මගේ ලව් එක ලඟ ඉන්න...
අම්මගේ මුහුන පිරිලා මේ දවස් ටිකේම එයාගේ මුහුන පිරිලා.මම ආසයි එයා හැමදාම් එහෙම ඉන්නවා බලන්න...
"පුතා...ග්රැන්මා කෝල් කරා දුන්න ඩිසයින් ඔකෝම ඔයා වෙනස් කරලා කියලා...ඇයි ඒ.???
"ම්ම්ම්ම්.....අම්මා මට මැරි කරන්න ආසාවක් නෑ...ඒකයි ඇත්ත...ඒත් ඒ ලමයා ආස විදිහක් තියෙනවා...සෝ ආයේ ගන්නද වෙඩින් එක බැරි කමක් නෑ...ඒත් ජිවිතේ එකපාරක් එන දේ මම කොහොම දැක්කත්...මම හිතුවා ...ඒලමයට ඕන විදිහට කරලා දෙන්න...
YOU ARE READING
සූදූ රෝස 🤍🌕(Complet ✅)
عاطفيةසමහර මිනිස්සු ඉන්නවා කවරෙ ලස්සන උනා නැතා කතාව කොහෙන් කියෙව්වත් හැඟීම් දැනෙන හරියට මගෙ මැණික උඹ වගේ.... ~ගෞරවී තිහස්යා ද්වාර්වී🌼❤️