හත්වෙනි කොටස 🌕🤍

177 17 1
                                    

දින සතිය මාස ගෙවෙද්දි හදිස්සියේ වැටුන වැඩක් නිසා මට ලංකාවෙන් යන්න උනා.මාස තුනකට පස්සේ ලංකාවට මම එද්දි තිදසිගේ වෙඩින් එක පවා මට මිස් වෙලා තිබ්බා.අමාශි නම මට වැටුන හදිස්සි වැටේට සතුටු උනා.එකි අකමැති මගේ ඇස් ඉස්සරාට තිදසි එනවටවත්.මම ලංකාව ආවගමන් වැටුන වැඩ එක බිසි වෙද්දි.අද මට නිවාඩු දවසක්.ඊයේ රෑ ආව මම වොශ් එකක දාලා නිදා ගනිද්දි . උදේ නැගිටලා අම්මාව බලන්න පහලට ආව මට අප්පච්චි ගේ කතාව ඇහුනා.

"ඔව් අප්පච්චි ... හෙට ඔව් ඔව්...කැමති කිව්ව වෙලා බලන එක හොදයි අප්පච්චි....අෂානි නම් සතුටින්...ඔව්..."

අප්පච්චිගේ කතවාවත් අහන් කුස්සියට ආව මම පැන්ට්‍රි එක උඩ ඉදගනිද්දි අම්මා මගේ කිරි එක අතට දුන්නා..

"මොකද අම්මා අප්පච්චි අර කලබලෙන්...

"මොන කලබලයක්ද පුතේ...හෙට නිවාඩු දාගන්න බබා...

"හෙට අර මොකටද???

"ඇයි පුතේ...මම කිව්වේ නැද්ද...

"මොනාද ලව් ...ඔයා මට කොච්චර දේවල් කියනවද???

" අනේ මේ ලමයගේ කෝලම්...මට අමතක උනා නේ පුතේ..

ඔලුවටත් අත ගහන් මගේ පැත්ත හැරුන අම්මා අද හරි කලබලයි ඇයිමේ...සතුට වැඩිම වෙලාවකයි දුක වැඩිම වෙලාවකයි විතරයි මෙයා ඔහොම ..

"අම්මා...මුලින් කූල් ඩවුන් වෙන්න...දැන් කියන්න...

"හෙට අපි යන්න ඕන පුතා ඔයාට කතා කරපු ලමයගේ ගෙදර...

"මොකා!!!!!

" ඔව් ඇයි පුතා කිව්වේ කෙනෙක් හොයන්න කියලා...ඒ...බ්..බොරුද මැනික...අනේ මම ඇත්ත කියලා හිතුවා බබා...ඒකයි...

ආශ් මගේ එක වචනෙන් අම්මගේ ඇස් වල කදුලු මම කිව්වා මට ඕක අමතක උනා.ඇයි යකෝ එක වැඩක්ද.

"ශ්...අඩන්න එපා ..ලව් මම නෑ කිව්වද මට අමතක උනා..දැන් ඔයාට ඕන මම හෙට එන්න එහෙමනේ...

"ඔව් පුතා...

"හරි එච්චරයි මම එන්නම්...හරිනේ...මම ඔෆිස් එකට කෝල් එකක අරන් එන්නම් අම්මා...

යකෝ මම හිතුවේ නෑ අපේ අම්මයි අප්පච්චි  මෙච්චර ඉක්මන් කියලා මරු.දැන් නිවාඩු දාපන්කෝ.ඔෆිස් එකට කෝල් එකක් ගත්ත මන් හෙට වෙන්න ඕනවැඩ ටික දැනුන් දිලා.ෆොන් එක කට් කරලා ඇදටවැටුනා.කොච්චර කොහොම කිව්වත් මට ආදරේ ගැන තියෙන්නේ මහා එපා කරපු හැඟිමක් හෙට ඇත්ත කියනවා.ඉවරනේ..අද දවසම අම්මා අප්පච්චි ගේ එක එක වැඩ එක්ක ඉවර වෙද්දි මම ආට් රූම් එකේ තනි උනා.හේතුවක් නෑ මම ඇන්දේ සායම් චිත්‍රයක් ඒක තනිකරම රෑ අහසක්.




සූදූ රෝස 🤍🌕(Complet ✅)Where stories live. Discover now