හයවෙනි කොටස🌕🤍

179 15 3
                                    

"අනේ අනේ...කතා කරලා වැඩක් නෑ....මේ අප්පච්චිටයි ,දුවටයි මා එක්ක කඩේකට යන්න එන්න බැරි හැටි...ශොපින් යන්නද කතා කරේ නෑ....ගෙදරට බඩු ගන්න...ඒ ගිහිනුත් අම්මේ...අම්මේ...ගගා කෑගහනවා....

"අෂානි ඔය කට රිදෙන්නැද්ද ????

"ඔව් ඔව් දැන් මගේ කටත් ප්‍රශ්නයක් තමුසේට...

අම්මයි අප්පච්චියි කියව ගන්නවා.ඒ දෙන්නගේ කතාවට හිනා වෙන ගමන් කාර් එක ඩ්‍රයිව් කරන් යන මම අම්මා දිහා බැලුවා අම්මෝ මූනත් රතු කරන් බනින විදිහ.ඔය කෑගහන්නේ අද අප්පච්චිවයි මාවයි ඇදන් අම්මා බඩු ගන්න එක්කන් ගියා ඒ ගිහින් ඉවරද කියලා මායි අප්පච්චි මාරුවෙන් මාරුවට අහපු එකට මල පැනලා...

"හරි අෂානි දරුවයි මායි ඉවරද කියලා විතරයි ඇහුව්වේ...යමු කිව්වේ නෑනේ...

" ඔව් ඔව්...ඉවරනම් මම ඔකේ අස්සේ ඉන්නවද අසිත...මගේ දරුවව අල්ලන් එපා....ඒ ලමයා ඇහුව්වේ නෑ ....ඔයා තමයි ඇහුව්වේ....

"යකො මේක මාර වැඩක් උනා නේ....අම්මයි පුතයි එක පැත්තේ මම තනියම අසාදාරනයි...ඒක...පුතා මගේ පැත්තට කතා කරන්නකෝ....

"ඔව්වට මම නෑ....

මටත් ඔරවන් අප්පච්චි ඉස්සරාට හැරෙද්දි අම්මා තාම බනිනවා.
කාර් එක ඩ්‍රයිව් කරන් බාගයක් දුර යන කොට ඉස්සරා පාරේ කාර් එකක් නවත්තලා ටැමිල් විදිහට ඇදපු  මනුස්සයෙක් කාර් එකට අත දානවා.

"දූ අපේ වහනෙට නේද ඇයි දන්නෑ නවත්තන්න බලන්න...

අහක යන කුනක් ඔය අසිත දාගන්න යන්නේ හිතුවට කිව්වේ නෑ...

"ම්ම්ම්.....

කාර් එක ඒ මනුස්සයා ලග නතර කරපු මම අප්පච්චි කිව්ව නිසා එයාගේ පැත්තේ ශටර් එක පහත් කරා.

"සර් පොඩි උදව්වක් කරන්නකෝ...

"ඔව් මොකද්ද වෙන්න ඕන ...

" අපේ නෝනව හොස්පිටල් අරන් යන ගමන් මේ කාර් එකේ එක රෝදෙක හුලන් ගියානේ...පුලුවන් ....

ඒ වචන එක්ක අප්පච්චි එලියට බැහැලා.අප්පච්චි අම්මට කතා කරා.

"අෂානි පොඩ්ඩක් බලන්නකෝ...

සූදූ රෝස 🤍🌕(Complet ✅)Where stories live. Discover now