43 7 0
                                    

15.

මිතුදමක් තිබිය නොහැකිද ප්‍රේමයට එහා ගිය?

මෙතෙක් දුර ආ සංසාරායේ සෑමදා මිතුදම කියා නැවතුන,
මිතුදමක් තිබිය නොහැකිද ප්‍රේමයට එහා ගිය?

හමුවන හිමිවන සංසාරයේ
හමුවීම පමණක් ඇතැයි කියා
හිමිවීමෙන් තොරව නැවතුන
මිතුදමක් තිබිය නොහැකිද පෙමකට එහා ගිය?

ආත්ම සහකාරයින් විය නොහැකිද මිතුදමකට?

වඩාත්ම සුදුසු දෙදෙනෙක් මැවිය නොහැකිද දෙවියන්ට මිතුරන් ලෙස?

ඉතින් මා දයාබර මිතුර,
අදත් හෙටත් නුබට මා පෙම් කරමි,
මෙලොව මා හට මුණගැසුණු හොදම මිතුරා ලෙස !

The Diary Of Lavender | POETRY❗Where stories live. Discover now