46 4 2
                                    

" ඉතින් එබැවින් නවතිමි
හදින් පිටමන් නොකරමි! "

" ගෙවුණු අතීතේක නුඹේ කතා ඇසෙනවා මෙදා
නොහෙලු වදන් ඔහේ පාවෙලා ගියා
නම නැති භාවයක ආයාචනා
නුඹේ නුවන් දිහා...! "

සමහර ප්ලේලිස්ට් වල එක ළඟ ඇහෙන සින්දු වළලපු මතක පොදි පිටින් මතක් කෙරෙව්වා..
මතක් වෙද්දිත් රිදෙන මගේ දුර්වලම තැනක් විදිහට මං උබව සටහන් කරනවා මගේ අමාවක..!

අදටත් උබ මගේ ආදරණීය අමාවක...

අපි අතර වෛරයේ ගිනි දලු කොතරම් උසට පැන නැග්ගත් කිසිදා මා නුඹට වෛර නොකරමි.

කිමද,
ප්‍රේමය කළ හදකට වෛර කළ නොහැකිය.!

මා නුඹට කළ ප්‍රේමය..,
ඒකපාර්ශ්වීය ලබ්බක් නොවන බව හොදින් මතක තබාගන්න.

අප මිතුදමට එහා ගිය-ප්‍රේමයට මෙහා නැවතුන අයයි!
ඉතින් මා ඔබට සහෝදරයෙක් ලෙස ද පෙම් කළ කාලයක් තිබුනි!..

The Diary Of Lavender | POETRY❗Where stories live. Discover now