2024 .02.08
ඒක මගේ ජීවිතේ එක දවසක්..හැබැයි විශේෂ වුනු දවසක්..
පලමු බැල්මෙන් ම හිත යන ආදරයක් මට තිබුනෙ නෑ ..හැබැයි දෙතුන් පාර දැක්ක කෙනෙක් හිතේ රදවගන්න එක මට අමාරු වුනෙත් නෑ ...මගේ ජීවිතේ මම painkiller එකක් විදිහට තෝර ගත්ත දෙයක් මෙච්චර දුර දිග යාවී කියල මම හිතුනෙ නෑ ..ඒත් ඒක තවදුරටත් මට painkiller එකක් නොවී සියුම් පිහිතුඩක වේදනාවක් නිරතුරුව ම දැනෙන තරමට මම වෙනස් වෙලා..කතාවක් තීනවනෙ ...
"කෙසෙ වෛර කරන්න ද ඒ සියල්ල මගෙම තෝරා ගැනීම් වන විට ..."ඒ ආදරණීය දඟකාර කොල්ලාට
ලියා තබනෙමි..,නුබ නොකියවන බව දනිමි.
කවදාකවත් එය නොවෙන බව හොඳහැටියට දැනෙනවා...
සුන්දර වේදනාවක් නිසාවෙන්
මතකයන් විදිහට මම ලියමි.
මැජික්කාරයන් ඉන්නෙ සංදර්ශන භූමි වල විතරක් ම නෙවෙයි කියල ඒත්තු ගන්වපු පිරිමි ලමයාගෙ මායාකාරී බන්ධනයෙන් ගැලවීමට මගක් මම තවම සොයා ගෙන නැත ...හිනාවෙන දගකාර ඇස් වලින් එතරම් වික්‍රමයන් කල හැකි දැයි ඔබ හමු වන තුරු නො දැන සිටියෙමි ...
පොත් පිටු අස්සේ අතරමන් වුන වෙහෙසකර ඇස්, නින්දක් අවැසි වුවත් නිදි වර්ජිත නිසාවෙන් නිදි කිරන ඇස්, ඈත අහස දෙස හිස් හැගීමෙන් බලන් උන්න මලානික ඇස්
හීන් සතුටකින් හිනාවෙන ඇස් බවට පරිවර්තනය කල සෑම තත්පරයක් ගානෙම මම නුබට ස්තූතිවන්ත වෙමි ...වදනකුදු හෝ තවම හුවමාරු කිරීමට නොලද මුත්..,
හෙවනැල්ලක් හෝ ලගට වැටීමට නොලද මුත් මම දුක් නොවෙමි..
දන්නවාද ...ලස්සන දේවලුත් වැඩිපුරම ලස්සන ඈත ඉදන් බලන් ඉන්දැද්දි...නුබ ගැන මතක රැස් කිරීමට මට ඉඩ ඇත්තේ තවත් වසරකටත් වඩා අඩු කාලයක් බව දැනෙන වාරයක් පාසා සිතට දුකක් ගෙනා සිතුවිල්ල,
නුබට මගේ ජීවිතෙන් සමු දිය නොහැකි සිතුවිල්ලයි .එහෙයින් නුබ ගැන සියලු හැගීම් මා ජීවමාන කිරීමට අකුරු වලට භාරදෙමි...වේදනා නාශකයකටත් සීමාවක් තිබිය යුතුයි. අසීමාන්තිකත්වය නිසාම වේදනා නාශකයක් වූ නුබම මට වේදනාවක් ලෙස පරිවර්තනය වෙමින් ඇත ..
මට නුබ ගැන සිතීමේ අයිතිය පවා තව ටික කලකින් නුදුරු දවසක අහිමි වන බවට ඉගි දැනටමත් ඇත ..
අන්සතු ආදරයකට ආදරය කිරීම අසම්මත යැයි හැදින්විය වරදක් නැත ..
ඒත් ප්‍රේමය බරපතල වරදක් ද ...
(සමාව දිය නොහැකි තරමට )
ඉතින් හිතවත
මගේ සියලු වේදනාවන් නිශ්ක්‍රීය කිරීමට සමත් නුබෙ සිනාව සදාකාලික වේවා යැයි පතමි..
එමෙන්ම අහිතක් නැතුව මට අහිමි
නුබව හිමි අයටද හදවතින් සුබ පතමි...නමුත්....
දඩුවමක් ලැබෙනතුරු මම නුබ
දෙස බලා සිටිමි....______________________________________
වස්සානයත් ගිම්හානයත් එකවර මැවු
ඉන්ද්‍රජාලික ප්‍රේමය...janje..
YOU ARE READING
DO I OWN YOU?
Poetryප්‍රේමයේ ස්වරූප අතර හිමිකමක් නැති අප්රකාශිත ඒකපාර්ශ්වීය ප්‍රේමය වෙනුවෙන් සතුටු වන දුක් වන සුවහසක් ප්‍රේමවන්තයන් වෙනුවෙන් ලියමි ... ●●●●●●●