එයා හිතන්
ඉන්නේ
ඒ ගෑනු ලමයා
එයාට කැමතියි
කියලා
......මම හිතන්
ඉන්නෙ
ඒ පිරිමි ලමයට
මම ආදරෙයි
කියලා
.......●janje
මම දන්නෑ ඒ දේ කොහොම උනාද කියලා.
අන්තිම මාස හතරෙ මම හිතුවේ එයාව දකින්න හම්බ වෙන්නෙ අහම්බෙන් කියල..ඒත් පුලුවන් හැම දවසකම එයා ඉස්කෝලෙ එනවා ...
වෙනදට දවසට එකපාරක් වත් නොදැක
ඉන්න තරමට එයා දුර්ලභ දසුනක් වෙනකොටහේතුවක් ඇතිව හෝ නැතා
දවසට එකපාරක් හරි art හෝල් එක
වටේ ඔහේ රස්තියාදු ගහනවා ...
එයා හොදටම දන්නවා
නොදන්නවා වගේ ඉන්නවා ...තමන්ගේ නංගියි මල්ලිවයි
තාත්තයි අම්මයි නැතිවුන ලොකු අම්මගෙ ලමයි දෙන්නත් බලාගෙන
පවුලේ වැඩිමල් ම ලමයා එයා
කියල දැනගත්ත දවසෙ
ඉදන් එයාගේ අහංකාරකම ට
මම කිසි දොසක් කියන්නෑ ....
අවස්ථාවක් හම්බ වුනත් ලං වෙන්නෑ ...එයාවත් හරි හැටි නොදන්න ඒ ආදර කතාව මං විතරක් දැනගත්තම හොදටම ඇති ....
දවසක මැයි මාර ප්‍රසංගය වගේ පොතකින් එයාට කිව්වම
හොදටම ඇති💌❤
(ඔක්කොමත් හරි ටීචර් ගෑනු ලමයි ඉන්න පැත්තයි පිරිමි ළමයි පැත්ත මාරු කරහම ...
හේතුව - ටෙක් එකෙ කොල්ලෙක් මෙහෙ කවුරුහරි ගෑනු ලමයෙක් දිහා බලන් ඉන්නවලු )
දැන් ඉතින් ඉදහන් කෝ එහා පැත්තේ දහය වසරේ පොඩි පගයො දිහා බලාගෙන ..
මොකෙක් හරි යකෙක් කේලම් දූත වැඩේ කරනවද කොහෙද
YOU ARE READING
DO I OWN YOU?
Poetryප්‍රේමයේ ස්වරූප අතර හිමිකමක් නැති අප්රකාශිත ඒකපාර්ශ්වීය ප්‍රේමය වෙනුවෙන් සතුටු වන දුක් වන සුවහසක් ප්‍රේමවන්තයන් වෙනුවෙන් ලියමි ... ●●●●●●●