three

1.8K 201 122
                                    


දැන් නම් මට මෙතන ඉන්න උන් අදාලම නෑ...අද නම් මේකිට මෙතනම අරිනවා...මන් එයාගේ තොල් වලට පාත් වුනා....ඒත් නැහැ....මගේ තොල් එයාගේ තොල් වල ගෑවෙන්න මිලිමිටරයක් විතර තියෙද්දී....




*සලාන්.*

අපේ ඉස්සරහ තිබ්බ ග්ලාස් ස්ටූල් එක කෑලි කෑලි වලට කුඩු වෙලා ගියා...නිකන් නෙවෙයි...වීදුරු රතු පාටට හරවල...






ජන්කුක්....ඔව් වෙන කවුරුවත් නෙවෙයි මෙච්චර වෙලා මට ඉස්සරහ කවුච් එකට වෙලා බෝතලයක් බදාගෙන හිටපු ජන්කුක්....

උගේ වම අතේ තාමත් විස්කි බෝතලේ...දකුණු අත තනි රතු වෙලා ගිහින්...උගේ අත හොදටම තුවාල වෙලා.... උගේ මිට මෙලවුණු දකුණු අත ස්ටූල් එක බිදලා දාල...ස්ටූල් එකේ වීදුරු කෑලි බිම පුරාම...යකෝ මූ...කොහොමද එක පාරකින් මේ වීදුරුව කුඩු කරේ...පුදුම යකෙක් නේ....

උගේ මූන රතු වෙලා ගිහින්..මොකකට හරි නහුතෙටම නැගල....බෙල්ලේ අත්වල නිල් කොළ පාටට නහර පවා ඉලිප්පිලා....මෙච්චර වෙලා සමදානෙන් බෝතලේ එක්ක ලව් කරපු මේ මිනිහට එකපාරටම මොකක්ද උනේ....

මේකා මගේ දිහා මරාගෙන කන්න වගේ බලාගෙන ඉන්නවා...මෙච්චර වෙලා කෝලම් කරපු අපේ සෙට් එකේ උන් ටිකයි ජෙනීයි හොල්මන් වෙලා... ජෙනී බය වැඩි කමට මගේ අතේ එල්ලිලා...

තරහ වැඩි කමට කම්මුල් නලියනවා මේකාගේ...ඒ තරහින් ගිනි ගන්න යක්ෂ ඇස් දිහා බලන් ඉන්න බැරි තැන මන් බිම බලාගත්තා...












ඒත් ඇයි...මන් මේකට බය වෙන්න ඕනද?මන් වැරද්දක් කරේ නැහැ නේ....

මන් ආයෙත් එයාගේ දිහා බැලුව..තව තත්පර ගානක් මගේ දිහා ගිනි ගන්න ඇස් වලින් බලන් හිටපු ජන්කුක් ජෙනී අල්ලාගෙන ඉන්න මගේ අත දිහත් බලල අතේ තිබ්බ බෝතලෙත් අරගෙන වැනි වැනී ගිහින් කැරොකේ රූම් එකේ දොරත් පයින් ගහල ඇරගෙන එලියට ගියා...

𝐎𝐧𝐥𝐲 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬ₖₒₒₖᵥWhere stories live. Discover now