thirteen

1.3K 181 130
                                    

Author POV

ආදරය... ආදරේ කියන්නේ හරි පුදුම දෙයක්... අකුරු හතරක් තියන සරල වචනයක් බව ඇත්ත... ඒත් තේරුම සෑහෙන්න ගැබුරුයි...

හිතක තවත් කෙනෙක් වෙනුවෙන් ආදරයක් ඇති වුනාම ඒක ඒ හිතේ අයිතිකාරයට ඇබ්බැහියක් වෙනවා...
ආදරේ කරන කෙනාව මුළු ජීවිතේම දීලා හරි පණ වගේ රකින්න මිනිස්සු පෙලබෙනවා...

මං කියන්නේ ඇත්තටම ආදරේ කරන මිනිස්සු ගැන... සිරාම කතාවක් කිව්වොත් එහෙම උන් මේ ලෝකේ සෑහෙන්න අඩුයි...
ඒත් අඩුයි කියන්නේ නෑ කියන ඒක නෙවෙයි....


මොන ප්‍රශ්නේ ආවත් කතා කරලා සැනසෙන්න... උණුහුම පපුවක තුරුල් වෙලා ආදරේ විදින්න... ආදරෙන් බලාගන්න... වැරද්දකදී බැනල හරි පාරට ගන්න... ආදරණීය හාදු හුවමාරු කරගන්න... තමන්ව අම්මෙක් තාත්තෙක් වගේ බලාගන්න ලස්සන ආදරවන්තයෙක් හරි ආදරවන්තියක් හරි හැමෝටම ලැබෙන්න ඕන...



සමහර මිනිස්සු ඉන්නවා... තමන් වෙනුවෙන්ම විතරක් බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා කියන හැගීමට හදවතින්ම ආදරේ කරන....



ඒ වගේ ආදරණීය ලස්සන මිනිස්සු තමයි හැමදාමත් තමන්ගේ ආදරේ පණ දීලා රැක ගත්තේ....


ජියොන් ජන්කුක්...ජන්කුක් කියන්නෙත් ඒ වගේ ආදරවන්තයෙක්...
එකම එක කෙනෙක්ට ආදරේ කරන ඒ කෙනාව පණ වගේ රකින්න එයාටම පොරොන්දු දීගත්ත නියම ආදර වන්තයෙක්...




තමන්ගේ ළමා කාලේ ආදරෙන් පුරවපු අම්මගේ හදිස්සි මරණයත් එක්කරන්න ජන්කුක් හැගීම් දැනීම් පිට මිනිස්සුන්ගෙන් හංගන්න පුරුදු වෙනවා.. ජන්කුක් ට අනුව එයා ආදරේ කරන කෙනා ඇරුනම අනිත් හැමෝම පිට මිනිස්සු...






ජන්කුකට අම්මා නැති වුනත් තාත්ත හිටියා... මිල මුදල් සැප සම්පත් වලින් අඩුවක් එයාට තිබ්බෙත් නෑ... හැබැයි... ජන්කුකට එයාගේ තාත්තගේ ආදරේ අහිමි වුනා...





අදටත් ජන්කුක් හේතුවක් නොදන්නවා උනත්...එයාට යමක් කමක් තේරුම්ගන්න පුළුවන් වුණ වයසක ඉදන් එයාගේ අප්පා එයාට එතරම් කැමැත්තක් නැහැ කියල ජන්කුක් තේරුම් අරගෙන හිටියා...







𝐎𝐧𝐥𝐲 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬ₖₒₒₖᵥWhere stories live. Discover now