සෝල් ටවුන් එක මැද්දෙ තියන ගෙදරක සිංහයෙක් ඉන්නවා කියන එක හරිම සාමාන්‍ය දෙයක්.....
මේ දැන් මගේ ඉස්සරහ වාඩි වෙලා මන් වගේ දෙකක් වෙච්ච සිංහයාගේ කොන්ඩෙ අත ගානගමන් ඉන්න ජන්කුක් මට කිව්වේ එහෙමයි....
මන් කිව්වා කියල මතක තියාගන්න...ජියොන් ජන්කුක් කියන්නේ අමු පිස්සෙක්....
උගේ හුරතලා සිංහයෙක්...
මන් රූම් එකෙන් එලියට එනකොට සාලේ සෝෆා එකේ දපල හිටපු ජන්කුක්ගේ හුරතලාව දැකපු මන් තව පොඩ්ඩෙන් ස්වර්ගස්ථ වෙනවා...මන් කෑගහල ඒ සතාගේ රෑ කෑම වෙන්න ගිය එකෙන් යන්තම් බේරුනේ මගේ සද්දේ ඇහිල කළු පාට ශෝටක් විතරක් ඇදගෙන දුවල ආපු ජන්කුක් නිසා...
ඒකා මේ ළගදි ලු මේ මැන්ෂන් එකට ගෙනාවේ...ඒත් මේ සතා ඇස් ඇරපු දවසේ ඉදන් හදන්නේ ජන්කුක්ලු.... අනිත් විශේෂම දේ ඌ ජන්කුක් කියන ඕනම දෙයක් කරනවලු...ඕනම දෙයක්....
විහිලුම දේ ඒ සතාගේ නම කියුටි...ඇත්තටම ජන්කුක්ට පිස්සු...
"ජන්කුක්...උබට කතා කරන්න ඕන කිව්වේ මොකක් ගැන ද?"
ජන්කුක් වාඩි වෙලා හිටපු පුටුව ලග බිම ලැගල ජන්කුක්ගේ කලවයක් උඩින් ඔලුව තියාගෙන පුරු පුරු ගාන සිංහය දිහා ඇහැ කොනින් බලන ගමන් මන් මුලින්ම කට ඇරිය...මේ සතාගේ රෑ කෑම වෙන්න කලින් ඉක්මනට පැන ගනින් කියල මගේ ටිකිරි මොලේ කෑගැහුවා...
"ම්ම්ම්...මන් කෙනෙක්ට ආදරෙයි..."
ඒකට නම් මගේ ඇස් දෙක ටීක් බෝල සයිස් වුනා...
මන් ඒ කවුද කියල අහන්න කට ඇරියත් ජන්කුක් මට කතා කරන්න දුන්නේ නෑ...
"ඉන්න ඉන්න...ටේහ්යුන්ග් ඉස්සෙල්ල මට කියල ඉවර කරන්න දෙන්න...මන් දැන් අවුරුදු දෙකක ඉදන් කෙනෙක්ට ආදරේ කරනවා...ඒත් ඌ කෙල්ලෝ එක්ක වටේ යනවා...මන් දන්න තරමින් එයා ස්ට්‍රේට්...උබ හිතන්නේ මන් මේකට මොකක්ද කරන්න ඕන?"
YOU ARE READING
𝐎𝐧𝐥𝐲 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬ₖₒₒₖᵥ
Фанфикආආ.........අතාරිනවා මාව...යකෝ මම ටොප්... ජන්කුක් හොද හිතින් කියන්නේ....අතැරපන් මාව... අම්මෝ...බුදු අම්මෝ...රිදෙනවා මිනිහෝ....මගේ පු# හිරිවැටිලා වගේ... ඔය පොල්ල එලියට ගනින් යකෝ.... ඔම්මා..............! TOPKOOK POWER BOTTOM TAE