7 වන දිගහැරුම

117 18 8
                                    

විහාරායි ජෙසියි ප්‍රිෆෙක්ට් රූම් එකට යනකොට ඒ දෙන්නා වැඩිපුරම අකමැති ස්කෝලේ ඉන්න වට අම්මණ්ඩිව හම්බුනා.

"ආ විහාරා කොහෙද මේ යන්නේ උදේම.."

"ඔයාට ඒකෙන් වැඩක් නෑනේ මියා.. ඔයා ඔයාගේ වැඩක් බලාගන්න.."

විහාරා මියාට ගස්සලා ජෙසීවත් ඇදන් එතනින් යන්න හදද්දී මියා පාර මැද්දට පැන්නේ අත් දෙකත් දික් කරගෙන.

"ඇයි අපිට කියන්න බැරි ගමනක්ද.."

"මේ මියා.. උදේ පාන්දර වදයක් නොවී මෙතනින් යනවද.."

ජෙසී කිව්වේ මියාගේ කියවිල්ල ඉවසගන්න බැරිම තැන.

"හරි හරි ඉතින්.. ඔච්චර කේන්ති ගන්න ඕනි නෑනේ ඉතින්.. ම්ම්ම් යන්න(පාරෙන් පසෙකට වී..).. යන්න ඉතින්.."

මියා පාර මැද්දෙන් එහාට වෙලා ජෙසීටයි විහාරටයි යන්න ඉඩ දුන්නත් දෙන්නා යන දිහා බලාගෙන නෝක්කාඩුවට මෙන් හිනා වෙන්නට වුනා.

"ඒකි නම් මහ පුදුම වදයක් ඕයි.."

ජෙසී දෙස බලමින් විහාරා එහෙම කිව්වත් ජෙසිගෙන් කිසිම ප්‍රතිචාරයක් ඒකට ලැබුනේ නෑ.

"ඒයි.. (ජෙසීගේ උරසින් අල්ලා සොලවමින්) මොකද මේ ආ.."

"මුකුත් නෑ................. මෙන්න.. දැන් ඔයා ඇතුලට වෙලා ඉන්න.. මන් ගිහින් කේශ්විව එක්කන් එන්නම්.."

විහාරාව ප්‍රිෆෙක්ට් රූම් එකට යවලා ජෙසී ගියේ කේශ්විව එක්කන් එන්න.

"කේශ්වී..."

"ඕ.. කියන්න ජෙසිකා අක්කේ.."

ජෙසී කතා කරපු නිසාම කේශ්වී ජෙසී ලගට දුවගෙන ආවා.

"එන්නකෝ යන්න පොඩි ගමනක්.."

කේශ්වීගේ අතින් අල්ලා ගත් ජෙසී කීවේ කේශ්වී දෙස නොබලාමයි.

"කොහෙද අක්කේ.."

"ඒක ගියහම දැනගන්න පුලුවන්.. දැන් යන්කෝ.."

කේශ්විවත් ඇදගෙනම ජෙසී ප්‍රිෆෙක්ට් රූම් එක ලගට ගියා.

"ඇතුලට යන්න ඔයා දැන්.."

"ඇයි ඒ අක්කේ.. මොකද්ද ප්‍රශ්නේ.."

ප්‍රිෆෙක්ට් රූම් එකේ දොර ලග හිටගෙන හිටපු කේශ්වී ඇහුවේ ජෙසීගේ අතින් අල්ලමිනි.

"(කේශ්විගේ අත ගසා දමමින්) ඔයා යන්නකෝ ඇතුලට.. ඊට පස්සේ දැන ගන්න ලැබෙයි.."

කේශ්විව ඇතුලට දමා දොර අගුලු දැමූ ජෙසී ටික වෙලාවක් ඒ දොර දෙසම බලාගෙන හිටියේ දිගු හුස්මක් හෙලමිනි.

"කේශ්වී.."

විහාරා කටහඩට කේශ්වී පිටිපස්ස හැරිලා බැලුවේ කොන්ඩය සකසමිනි.

"විහාරා අක්කේ ඔයා.. ඇයි ඔයා මෙතන.. මොකද්ද මෙතන වෙන්නෙ..."

විහාරා ලගට ගිය කේශ්වී ඇහුවේ සිද්ද වෙන කිසිම දෙයක් හරිහැටි තේරුම් ගන්න බැරි නිසායි.

"ම්ම්ම්ම්.. ඇත්තටම ඔයාට මෙතෙන්ට එන්න කිව්වේ මට ඔයාට දෙයක් කියන්න තියෙන නිසා.. ඒක කොහොමද කියන්නේ කියලා මට තේරෙන්නේ නෑ.."

"මොකද්ද අක්කේ කියන්න තියෙන්නෙ..."

කේශ්වී ඇහුවේ විහාරාගේ මූණට එබෙමිනි.

කේශ්වී වෙනදාටවත් වඩා තමන් ලගට එන නිසාම විහාරාගේ හාට්ටුව එලියට පනින්න තරම් වේගෙන් ගැහෙන්නට වුනා.

වටපිට බලමින් කොණ්ඩේ හදමින් ඇදුමේ රැලි හදමින් විහාරා මහ අමුතු විකාරා විදිහට කේශ්වී ඉස්සරහා හැසිරෙන්නට වුනා.

"ඇයි අක්කේ... මේ.. මොකද්....."

"මන් ඔයාට ආදරෙයි..."

කේශ්විගේ වචන ටික ඉවර වෙන්නත් කලින් විහාරා එහෙම කිව්වේ කේශ්වී ලගට ලංවෙමිනි.

"ආ? මොකද්ද..."

විහාරා කියපු දේ හරියට ඇහුනෙව් නෑ වගේ කේශ්වී රගපාන්නට වුනේ, වුන දේ එයා හිතුවට වඩා ඉක්මනට සිද්ද වුන නිසායි.

"මන් කිව්වේ මන් ඔයාට ආදරෙයි කියලා.."

"ඒක මට ඇහුණා මෝඩියේ.. ඇයි ඒක කියන්න මෙච්චර කල ගත්තේ ආ..(විහාරාගේ නලලට ඇගිල්ලෙන් ගහමින්).. මෝඩී.. මාත් ඔයාට ආදරෙයි අනේ..."

කියූ කේශ්වී විහාරාව බදාගන්න ඇගට පැන්නා. ඒත් එක්කම දෙන්නත් එක්කම බිම වැටුනේ කේශ්වී විහාරට හිතන්නවත් නොදී ඇගට පැනපු හින්දා.

ඊලග කොටසින් හමුවෙමු ❤😘

මම Jeon Heizy ❤😇

The Mirror Where stories live. Discover now