කේශ්වී සෙලවුණේවත් නැත. ඈ තමන් දෙසට වේගයෙන් ධාවනය වන ට්රක් රථය දෙස බලා සිටියා පමණි. ඈ වේගයෙන් හුස්ම ගන්නට විය. ඈට දැනුණේ තමන්ගේ දෙපා පොලොවට සවි වී ඇත්තාක් මෙනි.
"කේශ්වී................................."
නිවසින් පිටතට දිව ආ විහාරා හඩනගා කෑගැසීය.
විගස ක්රියාත්මක වූ ට්රක් රථ රියදුරු වාහනය පසෙකට හරවා නතර කලේය.
"කේශ්වී.. කේශ්වී..."
විහාරා හැකි ඉක්මනින් කේශ්වී අසලට දිවගියාය.
"මැරෙන්න ඕනි නම් වෙන ක්රමයක් හොයාගන්නවා.. මේ අහිංසක අපිව හිරේ යවන වැඩ කරන්නෙ නැතුව.."
ට්රක් රථයේ රියදුරු වාහනයේ ජනේලයෙන් පිටතට හිස දමා කේශ්විට බැන වැද පිටව ගියේය.
කම්පනයට පත් වූ කේශ්වී ක්ලාන්ත වී ඇද වැටුනාය. ඈ වැටෙත්ම ඈව අල්ලා ගත් විහාරා හම සේවිකාවක ඇමතුවාය.
"ඉක්මනට වතුර එකක් ගේන්න..."
"හරි පුංචි බේබි..."
සේවිකාව වතුර වීදුරුව ගෙන එනතෙක් විහාරා කේශ්ව්විව ඔසවා ගෙන කාමරයට ගියාය. වතුර වීදුරුව රැගෙන ආ පසුව විහාරා එයින් බිදක් අත්ලට ගෙන කේශ්විගේ මුහුණට ඉස්සාය.
"කේශ්වී... කේශ්වී.."
"විහාරා....."
යන්තමින් දෑස් විවර කේශ්විගේ විහාරාගේ නම ඇමතීය.
"කේශ්වී.. ඔයා හොදින්ද..."
"විහාරා..."
ඇදේ වාඩි වූ කේශ්වී අඩමින් විහාරාව වැලදගත්තාය.
"කේශ්.. ඔයා හොදින්ද.."
විහාරාද කේශ්විව වැලදගනිමින් විමසුවාය.
"විහා.. මට දැන් හැමදේම මතකයි.. අනේ මට සමාවෙන්න මෙච්චර කල් ඔයාව අමතක කරාට.. මගේ ලගින් හිටියත් ඔයාව අදුරගන්න බැරි උනාට..."
"අනේ කේශ්වී... මට සමාවෙන්න ඔයාගේ අමාරුම කාලේ ඔයා ලගින් ඉන්න බැරි උනාට..."
"ඔයා මගේ ලග නැතුව කොච්චර කල් ගෙවිලා ගිහින්ද විහාරා..."
"ඒක නම් ඇත්ත.. දැන් ඕවා අමතක කරන්න කේශ්වි.. ජෙසිකා මට කිව්වා ඔයා රට ගියා කියලා.. අනික මන් දැනන් හිටියේ නෑ ඒ ඇක්සිඩන්ට් එකෙන් ඔයාගේ තාත්තත් නැති උනා කියලා.. මට ඒ හැමදේම කිව්වේ ජෙසිකා..."
"ඔව් ඒක එහෙම වෙන්න ඕනිනේ ඉතින්.."
"ඒක එහෙම වෙන්න ඕනිනේ කිව්වේ??? "
විහාරා ඇසුවේ හිස මදක් හරවා නලල රැලි කරමිනි.
*******************
"මිස් මේ කරලා තියෙන වැඩේ නිසා අපිට මිස්ව නිදහස් කරන්න අමාරුයි..."
"තමුන් දන්නේ නැද්ද මගේ තාත්තා කවුද කියලා.."
"මන් දන්නවා මිස්.. ඒත්........."
"ඒත් මේත් මට වැඩක් නෑ... මන් දැන්ම තාත්තාට කතා කරනවා.. මොකද මන් කිසිම වැරැද්දක් කරලා නෑ..."
පොලිස් නිලධාරියාගේ ප්රශ්න මගහැරි ජෙසිකා පියාට දුරකථන ඇමතුමක් ගැනීය.
"තාත්තේ...."
ජෙසිකා සිදුවූ සියල්ල පියාට පැහැදිලි කලාය.
"හරි ජෙසී.. ඔයා ඔහොමම ඉන්න මන් එන්නම්.."
"හරි තාත්තේ..."
ජෙසිකාගේ පියා පොලිස් ස්ථානයට පැමිණියේ ආරක්ශකයින් දෙදෙනෙකුද සමගිනි.
"එන්න සර් වාඩිවෙන්නකෝ.."
ඊලග කොටසින් හමුවෙමු ❤😚
අද එපිය නම් චුට්ටක් පොඩියි.. ඒකට නම් සොරි ළමයි 😩ඉක්මනටම අනිත් එපියත් දාන්නම් 😩❤