"ආ මෙන්න මන් ඔයා කැමතිම strawberry milkshake එක ගෙනාවා.."
විහාරාගේ අතෙහි වූ milkshakes දෙකෙන් එකක් ජෙසිකා සිටින තැන මේසය මත තබමින් විහාරා කීවාය.
"ම්ම්ම්.. තෑන්ක්ස් විහා..."
Milkshake එක අතට ගනිමින් ජෙසිකා විහාරාට ස්තූති කලේ මද සිනහවක් මුවගට නගාගනිමිනි.
"දැන් උබ ඒ පාර මොනවද හිතන්නේ ආ.. හිතේ තියාගෙන ඉන්නේ නැතුව මට කියපන්.. උබේ ඕනිම දේකට මන් ඉන්නවා.."
ජෙසිකා උරහිස මත අත තබමිනි විහාරා පැවසුවාය.
"අනේ මන්දා බන්.. මේ ප්‍රශ්න නිසා කොයි වෙලාවක හරි මට පිස්සු හැදෙනවා.."
"හරි.. දැන් මට කියපන්කෝ උබේ හිතේ තියෙන දේ.."
"මට අම්මාව ඕනිම කාලේ එයා මාව දාලා ගියා.. මන් චූටී කාලේ එයාට ගොඩක් වෛර කලා මාව දාලා ගියපු එකට.. ඒත් තාත්තා මට කියපු දේවල් නිසා ඒක නැති උනා.. තාත්තා කිව්වේ අම්මා වැඩිපුරම ආදරේ කරේ මටලු.. එයා කවදාහරි දවසක මාව බලන්න එයි කියලා තමයි මට හැමදාම කිව්වේ.. ඒත් දැන් මට අවුරුදු 18ක්.. අම්මා තාම ආවේ නෑ මාව බලන්න.. ඒත් මට ඕනි එක පාරක් හරි අම්මත් එක්ක කතාකරන්න.. ඒත් එයා ඒකට කැමති නැතුව ඇති.. ඒකනේ මාව බලන්න ආවේ නැත්තේ..."
ජෙසිකා නැවතත් හඩා වැටෙන්නට විය.
අතෙහි වූ milkshake එක මේසය මත තැබූ විහාරා ඉක්මනින් නැගිට ගොස් ජෙසිකාව වැලදගත්තාය.
"අඩන්න එපා ජෙසී.. අම්මා එයි ඔයාව බලන්න.. අපි තව ටිකක් කල් ඉවසමු.."
"එයා මාව බලන්න ආවේ නැති උනාට කමක් නෑ විහා.. මට සතුටුයි අඩුම ගානේ තාත්තා එයා ඉන්න තැන හරි හොයාගෙන තියෙන එකට.. එතකොට එයාට නැතත් මට හරි හැමදාම එයාව බලන්න පුලුවන්නේ.."
ජෙසිකා විහාරාව තදින් වැලදගෙන හඩන්නට විය.