සිදුවූයෙ කුමක්දැයි විහාරාට තවමත් හරිහැටි නිනව්වක් නැත. මෙය ජෙසිකාගෙන්ම අසා නිරාකරණය කර ගත යුතු ගැටලුවක් නිසාම විහාරා හැකි ඉක්මනින් ශ්රවනාගාරයට පිටත් විය.
ශ්රවනාගාරයේ වේදිකාව පිටුපසට ගිය විහාරා එහි ජෙසිකාව සොයන්නට විය.
"ඔයාලා ජෙසිකාව දැක්කද.."
"ඔව් එයා ගියා ඉදගෙන ඉන්න ඕනි කියලා auditorium එක ඇතුලට..."
"ආ හරි මන් බලන්නම්කෝ..."
වේදිකාව පසුපස සිටි සිසුන් කීපදෙනෙකුගෙන් ජෙසිකා පිලිබද විමසූ විහාරා ඈව සොයන් ශ්රවනාගාරයෙ පිටුපස දොරටුවෙන් ඇතුලට පිවිසීය.
ශ්රවනාගාරයෙහි පිටුපස පිහිටි අසුනක හිද උන් ජෙසිකා අසලට ගොස් විහාරා ඇගේ උරහිසට තට්ටු කලාය.
"ජෙසී..."
"ආ විහා.. උබ ආවද.. වරෙන් ඇවිත් වාඩි වෙයන්.."
ජෙසිකා ඈ අසල වූ අසුනට අතින් තට්ටු කර විහාරාට වාඩිවන ලෙස පැවසුවාය.
"පොඩ්ඩක් එලියට වරෙන්කෝ.. මට උබෙන් අහන්න දෙයක් තියෙනවා.."
යැයි පැවසූ විහාරා කලබලයෙන් මෙන් ශ්රවනාගාරයෙන් පිටතට ගියාය. ජෙසිකාද ඈ පසුපස හඹා ගියාය.
"ඇයි බන් මොකද්ද ප්රශ්නේ.."
"....................."
"විහා..."
විහාරාගේ උරහිසින් අල්ලා ඈව සොලවමින් ජෙසිකා ඇසුවාය.
"ඕ..ඕ.."
ජෙසිකාගේ හඩට ඈ පියවි සිහියට ආවාය.
"උබේ හිතේ මන් ගැන මොකක් හරි අදහසක් තියෙනවද ?.."
"අදහසක් කිව්වේ? "
විහාරා පැවසූ දෙ හරිහැටි පැහැදිලි නොවීම නිසා ජෙසිකා ඇසුවේ නළල රැලිකරමිනි.
"මන් කිව්වේ මේ උබට මන් ගැන මොකක් හරි කැමැත්තක් තියෙනවද?.."
"කැමැත්තක්?..."
විහාරා ඇසුවේ තමන් කොයි මොහොතකවත් බලාපොරොත්තු නොවූ පැනය්ක් නිසාම ජෙසිකාගේ පපුව වේගෙන් ගැහෙන්නට වුවද ඈ ඒ වග මුහුණෙන් ඇගවූයේ නැත.