12 වන දිගහැරුම

105 15 9
                                    

කේශ්වී හා ඩැෆ්නි ෆිටෝන් රූම් එකට පිටව ගියහ.

"දැන් ඉක්මනට ලෑස්ති වෙයන් බන්.. නැත්තන් උබට උබෙ ආදරණීය පෙම්වතියගේ performance එක බලන්න වෙන්නේ නැති වෙයි.."

කට කොනකින් සිනහ වෙමින් ඩැෆ්නි කීවේ කේශ්වී දෙස හොරැහෙන් බලමිනි.

"අනේ ඔව්මයි.. ඉක්මනට ලෑස්ති වෙන්න ඕනි..

මේ වරෙන්කෝ මට හෙල්ප් එකක් දෙන්න.."

ඩැෆ්නිව ඇගේ ෆිටෝන් රූම් එකට ඇදගනිමින් කේශ්වී කීවාය.

______________________________

"මේ දැන් උබ අද අනිවාර්යයෙන්ම performance එක කරනවා නේද.. උබ තමයි සෙට් එකේ මුලින්ම කරන එකා.. හොදට කරපන් ආ.."

සංගීත කාමරයේ පුටුවක වාඩි වී සිටින ජෙසී ලගට යමින් විහාරා ඇසුවාය.

"ම්ම්ම් ඔව් මන් කරනවා.. ඒත් ටිකක් බයයි වගේ බන්.. මන් මේ වගේ දේවල් වලට වැඩිය නෑ කියලා උබම දන්නවානෙ ඉතින්.."

මුහුණට වැටී තිබූ කෙස් ගසක් කනෙන් පිටුපසට දාගනිමින් විහාරා දෙස බැලූ ජෙසී කීවාය.

"බය වෙන්න එපා ජෙසී.. උබේ ඕනිම දේකට මන් ඉන්නවා.. උබ sing කරන කොට ඕඩියන්ස් එක දිහා බලන්න වගෙ නම් මන් දිහා බලපන්.. මන් දිහා බලාගෙන කියපන්.. තේරුනාද.."

ජෙසිකාගේ උරහිසෙන් අත තබමින් විහාරා කීවේ මෘදු සිනහවක් පාමිනි.

"අනේ හුත්තෝ.. තෝ දිහා බලාගෙන කියන්න පුලුවන්ද.. හිනා යනවනේ යකෝ.."

ජෙසිකා මහ හයියෙන් සිනහ වෙමින් විහාරාගේ පිටට පහරක් ගැසුවාය.

"අනේ පලෑම් යන්න.."

"හරි හරි සුදා තරහ වෙන්න එපා.. මන් ඔයා දිහාම බලාගෙන කියන්නම් ආ.."

තරහෙන් අහක බලාගත් විහාරාගේ මූණට එබෙමින් ජෙසී කීවාය.

"හී හී හා.."

"ඒව්ව්ව් උබ මොකද අද මෙච්චර බබා පාට් දාන්නේ ආ.. යමන් නැත්තං මට performance එක කරන්න වෙන්නේ ස්කූල් එකත් ඉවර උනාට පස්සේ තමයි.."

එහාට මෙහාට පැද්දෙමින් ජෙසිකාගේ ඇගේ වදිමින් සිනහ වෙන විහාරා දෙස බැලූ ජෙසිකා කියන්නට විය.

The Mirror Where stories live. Discover now