"සර් මේ කේස් ටිකක් දරුණුයි.. මොකද ඒ මහත්තයාගේ වයිෆ් කම්ප්ලේන් එක දාලා තියෙන්නේ මිනීමැරීමට තැත් කිරීම කියලා.."
පොලිස් නිලධාරියා පැවසීය.
"මිනීමැරීමට තැත් කිරීම? තැත් කිරීම නෙවෙයි ඕකාව ගහලා ඔතනම මරලා දාන්න තිබ්බේ..."
ජෙසිකාගේ පියා දත්මිටි කමින් කියන්නට වූයේ අත මිටිමොලවා මේසයට ගසමිනි.
"සර් ඒත්.. මේක..."
"ඒත් මේත් මට වැඩක් නෑ යකෝ.. මේ කේස් මෙතනින් ඉවරකරන්න බලනවා.. නැත්තන් මන් මේකට අත ගැහුවොත් නවතින්නේ දෙනුන් දෙනෙක්ගෙම මිනී ඉස්සිලා.."
රෞද්‍ර බැල්මක් පොලිස් නිලධාරියා දෙසට හෙලමින් ජෙසිකාගේ පියා කියන්නට විය.
"හරි සර්.. මන් කොහොමහරි මේක ඉවර කරන්න බලන්නම්.."
පොලිස් නිලධාරියා යටහත් පහත් ලෙස කියන්නට විය.
"බලන්නම්? මොනවද අයිසේ බල බල ඉන්නේ ආ? බැරි නම් කියහන් මේක මන්ම ඉවර කරන්නම්..."
"නෑ න්..නෑ සර්.. මන් මේක කොහොම හරි කරන්නම්.."
"ම්ම්ම්හ්.... අපි යමු ජෙසී.."
ජෙසීවත් රැගෙන එලියට පැමිණි ජෙසිකාගේ පියා පලමුව වාහනයට ගොඩ විය.
"නගින්න ජෙසී.මොනවද බලන් ඉන්නේ.."
"ආහ්.. අනේ මන්දා..."
ජෙසිකා අව්ල්සහගත මුහුණක් හදා ගනිමින් කියන්නට වූයේ වාහනයට නගිමිනි.
"අනේ මන්දා කිව්වෙ?.."
"අනේ මන්දා ඩැඩී... එයා කොහොමද අර ජරා මනුස්සයාව විශ්වාස කරන්නේ..? ඇත්තමයි මට දැන් එයාව හරි පිලිකුල් ඩැඩී..."
"මාත් හිතුවේ නෑ ජෙසී එයා එහෙම වෙයි කියලා..අනේ මන්දා.. අපි මොකක් හරි කරමුකෝ මේකට ම්ම්ම්..ඔයා කලබල නොවී ඉන්න..."
ජෙසිකාගේ හිස අතගාමින් පියා කියන්නට විය.
_________________________________
"එහෙම වෙන්න ඕනිනේ කිව්වේ ඇයි ම්ම්ම්..."
"ඒකට මන් ඔයාට හෙමීට පැහැදිලි කරන්නම් විහා..."
"මට හෙමින් පැහැදිලි කරනකන් ඉන්න බෑ... දැන්ම කියන්න කේශ්වී..මේ දැන්ම..."