කේශ්විගේ උරහිසෙන් අල්ලා ඈව සොලවමින් විහාරා ඇසුවේ දෑසෙහි වූ කදුලු කැට ඇගේ කම්මුල් තෙත් කරන අතතුරය.
"මේ ඉන්නේ මගේ.........................."
"ඔව් ඔයාගේ කවුද.. ඒක තමයි මාත් අහන්නේ.. ඔයා ඔච්චර ජෙසීව බේරන්න හදන්නේ එයා ඔයාගේ කවුද.. මට කියන්න කේශ්වී..."
"මන් එයාගේ අක්කා විහාරා.."
විහාරා හා කේශ්වී අතරමැදට ආ ජෙසිකා පැවසුවේ කේශ්විව ඇගේ දකුණතින් ඈ වෙතට ලංකර ගමිනි.
"මොකක්?? මොනවද මේ කියන්නේ..."
"ඔව් විහාරා.. මේ ඉන්නේ මගේ නංගි... මන් උබට කිව්වා මතකද මගේ නංගි ගැන.. මේ තමයි එයා.. මගේ නංගි..."
ජෙසිකා දෑසෙහි කදුලු පුරවා ගනිමින් කේශ්වී දෙස බලා කියන්නට විය.
"මට නම් මේ කිසිම දෙයක් තේරෙන්නේ නෑ බන්.. මොකද්ද මේ වෙන්නෙ..."
සිදුවන දේ හරිහැටි වටහා ගැනීමට නොහැකිවූ විහාරා අසල වූ සෝෆාවෙහි වාඩිවූයේ හිසත් අල්ලා ගනිමිනි.
"මන් ඔයාට හැමදේම කියන්නම් විහා..."
කේශ්වී විහාරා අසලින් හිදගනිමින් කියන්නට විය.
******************************
_පැය 2කට පසු_
"ඒ කියන්නේ කේශ්වී මෙච්චර කල් තාත්තා කියලා හිතන් හිටිය කෙනා ඔයාලාගේ තාත්තාගේ bodyguard කියලද?..."
"ම්ම්ම් ඔව් බන්.. එහෙම තමයි.."
විහාරාගේ පැනයට ජෙසිකා පිලිතුරු දුනි.
"අනේ මන්දා මේ වෙන දේවල් නම්.. ඒත් උබට මට කියන්න තිබුණා මේ දෙවල්.. ඇයි යකෝව් හැංගුවේ උබ..."
"හැංගුවේ නෑ බන්.. කියන්න පුලුවන් තරම මන් උබට කිව්වා.. අනික මන් උබට ඒක කිව්වා නම් සමහරවිට උබ අපේ පවුල් එකතු කරන්න ඕනි කියලා පිස්සුවක් එහෙම නටන්න ගත්තා නම් මොකද වෙන්නේ.. මායි තාත්තයි දුර ඉදන් හරි ඒ දෙන්නා සතුටින් ඉන්න එක දිහා බලන් හිටපු එකත් නැති වෙනවා නේද.. එහෙනම් අද මේ විදිහටවත් මන් ගාවින් ඉදන් ඉන්න නංගියෙක් මට ඉතුරු වෙයිද ආ.. කලින් වගේම අම්මා ආපහු මෙයාවත් අරන් මටයි තාත්තාටයි හොයගන්න බැරි තැනකට යයි...සදහටම..."
විහාරාගේ පැනයට පිලිතුරු දුන් ජෙසිකා අවසන් වචන පෙල අවසන් කලේ කේශ්වීගේ හිස අතගාමිනි.
"ඒකත් ඇත්ත තමයි... මට තේරෙනවා බන් ඒක... කමක් නෑ දැන් ඔයාලා එකට ඉන්න එකම ඇතිනෙ..."
විහාරා මදසිනහවක් පාමින් කියන්නට විය.
Daddy is calling......
"හෙලෝ... ඔව් තාත්තේ............ මොකක්??? ආ..එයාට මොනවා වෙලාද ආ.. පිස්සු හැදිලද ආ... මොනවද මේ කරන්නේ....... ආ හරි තාත්තේ මන් එන්නම්...."
"ඇයි අක්කා මොකද උනේ..."
"අපේ අම්මා පොලීසියට ගිහින් පිස්සු නටනවලු මාව ඇරස්ට් කරන්න කියලා..."
"ඇරස්ට් කරන්න??? ඒ මොකටද අක්කේ..."
"මන් එයාගේ හස්බන්ඩ්ව මරන්න හදපු නිසා..."
"මොනවද බන් උබ මේ කියන්නේ.."
"මන් ඒක ඔයාලට පස්සේ කියන්නම්... දැන් අපි පොලිස් ස්ටේශන් එකට යමු... මේක අදම ඉවරයක් කරන්න ඕනී..."
"ඉදපන් මාත් එනවා.. ඔය දෙන්නා විතරක් ගියහම හරිද ආ.."
"ආ.. හරි හරි යමන්..."
තිදෙනාම විහාරාගේ මෝටර් රථයෙන් පොලිස් ස්ථානයට ගියහ.
"ඇයි තමුසෙට බැරි මට මගේ පාඩුවේ ඉන්න දෙන්න?? මට ආපහු තමුසේ ලගට එන්න ඕනි නෑ... මටයි මගේ දරුවටයි පාඩුවේ ඉන දීපන්..."
"ෂෙරී මන් කියන එක චුට්ටක් අහනවා... පිස්සියක් වගේ හැසිරෙන්නේ නැතුව.."
"ෂෙරිල්... මගේ නම ෂෙරිල්... මන් දැන් තමුසෙගේ ෂෙරී නෙවෙයි මිනිහෝ...ආ....."
විහාරා, ජෙසිකා හා කේශ්වී පොලිසිය ඇතුලට යන විට ජෙසිකාගේ පියා හා කේශ්විගේ මව එකිනෙකා හා ගැටෙමින් සිටියහ.
"අම්මේ........"
"කේශ්වී.... අනේ මගේ කෙල්ල..."
"මොකද අම්මේ වෙලා තියෙන්නේ... ඇයි මේ..."
මව අසලට දිව ගිය කේශ්වී ඇගේ මවව වැලදගත්තාය.
"ඔයා ඔය අක්කා අක්කා කියන එකී ඔයාගේ තාත්තාව මරන්න හැදුවා කියලා ඔයා දන්නවද..."
"මරන්න හැදුවා???..."
"ඔව් මරන්න හැදුවා...මන් නැති වෙලාවේ ගෙට පැනලා මේකී ඒ මනුස්සයාව මරන්න හදලා... මන් හිතුවා මට ඔයාවත් නැති උනා කියලා..."
"මොනවද අම්මේ ඔයා මේ කියන්නේ????..."
"අම්මා කියනේ මොකද්ද කියලා මන් ඔයාට කියන්නම් කේශ්..."
කේශ්වී හා ඇගේ මව අසලට ගොස් සිටගනිමින් ජෙසිකා කියන්නට වූයේ දිගු හුස්මක් පහත හෙලමිනි.
"ඇත්තටම එදා උනේ.................."
ඊලග කොටසින් හමුවෙමු 🥰❤️