22 වන කොටස

679 98 8
                                    

" ඇයි එපැයි කියද්දි ඉදියෙ... ? "

" මට බලාගෙන ඉන්න පුළුවන් කියන්න "

මං වචනයක්වත් නොකියා පඩිපෙල නැගන් දොර ඇරියා. තාමත් තුරුල්ගෙ උස තැන් වලට තියෙන බය අඩු වෙලා තිබුනෙ නෑ. තුරුල්ව සෙටි එක උඩින් වාඩි කරවල ගියේ අයිස් බෑග් එක ගේන්න. කකුල වීදුරු ටේබල් එක උඩින් තියලා අයිස් බෑග් එක තියද්දියි මං දැක්කෙ කකුල හොදටම ඉදිමිලා තියෙනවා..

" මේකට මං කියන්න ඕන මුරණ්ඩුකම කියලද ? "

මං අහද්දි ලාවට හිනාවක් මූණෙ ඇදිලා ගියෙ කරපු වැඩේ ගැන හරියට ආඩම්බර වෙනවා වගේ. විනාඩි පහකට පස්සෙ මං නැගිටලා යන්න ගියත් මං පිටුපාලා හිටගනිද්දිම තුරුල්ගෙ අත් මගෙ ඉනවටේ එතනෙ එයා තාමත් වාඩි වෙලා ඉන්න විදිහටම ඉද්දි..

" ඇයි .. "

" මං දන්නෑ.. "

තුරුල් දන්නෑ කියලා කියන්නෙ එයාගෙ හිතේ හරියටම තියෙන හැගීම මොකද්ද කියලා තෝරගන්න බැරි වෙලාවට. මාත් සද්ද නොකරම එයාට ඉන්න විදිහට ඉන්න ඇරියත් ඒ බැක් හග් එක නිසා මගෙ හිතේ තිබුන අර මූසල හැගීම නැති වෙලා ගියා වගේ දැනුනා. මං අයිස් බෑග් එක ටේබල් එක උඩින් තියලා තුරල්ට පිටුපාලා එතනම බිමින් වැඩි උනා.

" එක පාරම ? "

" මෙතන තිබුන ඒ හිස් හැගීම තුනී වෙලා ගියාද ? "

මට ලැබුනෙ උත්තරයක් නෙවි ප්‍රශ්නෙට ප්‍රශ්නයක්. මගෙ වම් අත යටින තුරුල් අත අරන් ඇවිත් මගෙ පපුව උඩින් තියද්දි මගෙ හාට් බීට් එක එන්න එන්නම වැඩි උනා. තුරුල්ගෙ ටච් එකත් හරිම සොෆ්ට්. ඒ ටච් එක එක පාරක් දැනුනම ආයෙමත් පිස්සුවෙන් වගේ හොයන්න හිතෙන ජාතියෙ ටච් එකක්.  ඊට වඩා මගෙ හිත රිදුනම තැන එයා මගෙ feelings තේරුම් ගත්ත විදිහ. මගෙ මුරණ්ඩුකාර කමට වචනයක්වත් නොකියා පස්සෙන්ම ඉන්න පුළුවන් නම් ඒ තුරුල්ට විතරයි.

මං තාමත් සද්දයක් නෑ. තුරුල් අත ⁣එහෙමම තියාගෙන නිකට අරන් ඇවිත් මගෙ උරහිස උඩින් තියාගත්තා.. ඒ හුස්ම මගෙ බෙල්ලට දැනෙද්දි මටමාරම සනීපයක් දැනුනෙ..

" කවදද යාශ් ඔයා අපි දෙන්නා අතර තියෙන මේ බැරියර් එක අයින් කරන්නෙ ? "

(නො)පිපි මල් - " Blooming Flowers  🦋🍃 " | Completed ✔️Where stories live. Discover now