චනුසදලට හනිමූන් ටුවර් එකක් යන්න කියලා විශේෂ උවමනාවක් තිබුණෙ නෑ.. මොකද පැහැසිත් ඒක ගැන එච්චරම කෙයා කරේ නෑ.. ලිවින් ටුගෙදර් ඉදලා මොකටද හනිමූන් ලයින් එකේ පැහැසි ඉදියේ.. අනික ටුවර් එකකට අමල් ටිකට් බුක් කරන්න හැදුවත් පැහැසි ඒකට කැමති උනෙත් නෑ.. මොකද චනුසද පැරිස් , ඉන්ග්ලන්ඩ් වල තිබුණ බ්‍රාන්චස් වල වැඩවලට යද්දි පැහැසිව ගෙදර තියලා යන්නෑ.... කොහොම උනත් හනිමූන් එපා කිව්වත් අවසානෙදි ලිට්ල් ඉන්ග්ලන්ඩ් කොටේජස් වලට එයාලට ෆ්‍රී එන්ට්‍රන්ස් හම්බුනේ අමල් වික්‍රමසූරියගෙ බිස්නස් බැක්ග්‍රවුන්ඩ් එක නිසා..
අනුර නිශා දෙන්නත් සයාශ්ලගෙ ගෙදර උඩ තට්ටුවෙම නතර උනේ ඊවිනින් ෆන්ෂන් එකට එයාලටත් ආරාධනා ලැබුන නිසා.. නිශා නම් ඔය සද්ද බද්ද වැඩි තැන්වලට එච්චර කැමති නෑ.. ඒක නිසා එයා පූ බබාව තියාගෙන ඉන්න භාරගත්තා.. තිවිරුට කියලා cloud එකේම රූම් එකක් වෙන් කරගත්තෙ නිශාටයි පූ බබාටයි ඉන්න.. එතකොට තුරුල් සයාශ් දෙන්නට උනත් සැරින් සැරේ ඔලුව දාන එක ලේසී.. චර්ච් සෙරමනි එකට පූ බබාව අරන් ගියේ පවුල්වල අය විතරක් ඉදි නිසා.. හැබැයි වීඅයිපී පාටි එකට ගොඩක් බිස්නස් වර්ල්ඩ් වගෙම පොලිටිකල් වර්ල්ඩ් එකේ අයත් ඇටෙන්ඩ් වෙන නිසා පූ බබාව එයාලට පිටට එක්ස්පෝස් වෙන්න දෙන්න බැහැ.. මොකද වරුණ හැන්ඩ්ල් කරා උනත් එයාලට අන්මැරීඩ් කපල් එකක් විදිහට බබෙක්ව හදන්න ලංකාව ඇතුලත බැහැ.. අනිත් කාරණේ පූ බබාට මාස හයක් වෙන්න කලින් තුරුල් සයාශ් දෙන්නට මැරි කරන්න වෙනවා.. මොකද ලංකාව ඇතුලෙ දරුවෙක් ඉපදිලා මාස තුන සම්පූර්ණ වෙන්න කලින් උප්පැන්නෙ ලියාපදිංචි කරන්න ඕන... වරුණට ඒ ප්‍රශ්නෙ තව මාස තුනකට වඩා පස්සට අදින්නත් බැරි උනා.. අනිත් කාරණේ කපල් එකක් බබෙක් හදාගන්න ගන්නවා නම් එයාලගෙ සම්පූර්ණ දේපලවලින් හරි අඩක් ඒ දරුවගෙ නමට ලියන්න ඕන හදාගන්න ගන්න කලින්.. ඉතින් වරුණ මේ දවස් ටිකේම බිසී වෙලා ඉන්නෙ ඔය වැඩ නිසා...
ඊයෙ වෙඩින් එකට ගිහින් ඇවිත් මහන්සි නිසාම තුරුල් සයාශ් පූ බබා තුන්දෙනාටම ටිකක් දවල් වෙනකන් නින්ද ගියත් හවස හය වෙන්න කලින් පාටි එකේ ඩෙකරේෂන් කෑම හැමදේම පිලිවෙලක් වෙන්න ඕන නිසා ඒ නිදහස වැඩි වෙලා තිබුණෙ නෑ.. මේ අල්ලපනල්ලෙ තිවිරු එලාම් එක වගේ හතර වටට කෝල් දිදී වදදෙන්නෙ වැඩේ හරියට තිතට කරගන්න ඕන නිසා.. පොඩ්ඩ හරි ගැස්සුනොත් මෙතන යන්නෙම තිවිරුගෙ සායම...
YOU ARE READING
(නො)පිපි මල් - " Blooming Flowers 🦋🍃 " | Completed ✔️
Khoa học viễn tưởng"මට මැරෙන්න පුළුවන් නම් මං මැරිලා යකෝ...මට මං අතින් මැරෙන්න බෑ උඹ නිසා.. උඹව ආයෙම ආත්මෙක මගේ පව්වලට හිරකරන්න බැරි නිසා මට මැරෙන්න බෑ.. උඹ මට දුන්න ලොකුම දඩුවම නෙවිද ඒක ?! " Start - 27 . 02. 2024 End - 11 .09.2024