-68-

391 46 91
                                    

සෘතිගෙ කතාව අහන් ඉදපු තුරුල් කට්ටියට එක්ස්කියුස් කරලා එතනින් එහාට උනේ වොශ්රූම් එක යූස් කරන්න ඕනි කියලා.

" එතකොට අනූටයි සයාශ්ටයි වැඩි කාලයක් එකට ඉන්න වෙලා නෑ ? "

" දන්න තරමට නැහැ... හැබැයි සයාශ් පණ ඇරලා චූටි පැටව් දෙන්නට.. සෙකන්ඩ් මැරේජ් එකක් කරගන්න කිව්වට අහන්නෙත් නෑ .. එයා ඒ තරමට ඒ ගර්ල්ට ආදරෙයි.. මෙච්චර අඩු වයසකදි අම්මවත් නැතුව ට්වින් බබාල දෙන්නෙක්ව තනියම බලාගන්නවා කියන්නෙම කතා කරන්න දෙයක් නෑ ඒ ගැන....."

ලිවින් ඒරියා එකෙන් එහාට යද්දි ලාවට කියන දේවල් තුරුල්ට නෑහුනාමත් නෙවි.

" What the hell man ?"

" ...... "

" ඒ ඒ ඔයාගෙ මල්ලි සයාශ් ...ආයිශ් ශිට් මගෙ ඔලුව පුපුරන්න වගේ... පොඩ්ඩක් සෙල්ෆිශ් වෙනවා මනුස්සයෝහ්.... "

ඩොක්ටර් වෙරෝන් පිස්සෙක් වගේ කොණ්ඩෙත් අවුල් කරන් කියවද්දි සයාශ් මීක් සද්දයක් නැතුව අහන් ඉන්නවා. සයාශ් තුරුල්ට යන්න දුන්නෙ මීට අවුරුදු හතරකට උඩදි එයාගෙ හොද ගැනම හිතලා. තුරුල් ඒ වගක් දන්නෙ නැහැ. තුරුල් හිතන් ඉන්නෙ සයාශ් අනූව හොයන් ගියා කියලා. ඉතින් තුරුල්ගෙ කේන්තිය සාධාරණයි. ඉතින් මෙතන කවුරුත් හරියට නොදන්න ඇත්ත එළි කරලා තිවිරුවයි තුරුල්වයි වෙන් කරන්න සයාශ්ට උවමනා උනේ නෑ ...

" අනික සයාශ් ඔයාගෙ ශෝල්ඩර් එක.. ඒක එන්න එන්නම දරුණු වෙනවා.. බෙහෙතක් ඇගට අල්ලන්නෙත් නැහැ.. හොද කරගන්න උවමනාවකුත් නැහැ.. තමුසෙට මැරෙන්නද මිනිහෝ ඕන ? "

" I got a solution "

සයාශ් හිනාවෙලා උත්තර දුන්න විදිහට ඔලුව ඇතුළෙ වෙනමම ප්ලේ එකක් වැඩ කියලා වෙරෝන් තේරුම් ගත්තා..

" Which ? "

" Keep waiting ... ! "

ඔතනින් එහා උත්තරයක් සයාශ්ගෙ කටින් එළියට ගන්න බැරි නිසා වෙරෝන් දොරත් ඇරන් යන්න ගිහිල්ලත් ආයෙම හැරුනා..

" කෑමවලින් රූද්ව පරිස්සම් කරන්න.. පොයිසන් එකක් ඇගට ඇතුල් උනොත් අපි කරන හැමදේම වතු⁣රෙ යනවා "

වෙරෝන් කියාගෙන ඉස්සරහ හැරුණත් වොශ්රූම් එකේ දොරත් ඇරගෙන එයා ළඟ හිටපු තුරුල් දැක්කම වෙරෝන් ගැස්සිලා ගියා. තුරුල්ට ලාවට හිනාවෙලා වෙරෝන් හනිකට මාරු උනේ තුරුල්ගෙ බැල්ම එච්චරට දරුණු නිසා..

(නො)පිපි මල් - " Blooming Flowers  🦋🍃 " | Completed ✔️Where stories live. Discover now