60 වන කොටස

410 45 60
                                    

රෑ වෙන්න කලින් සදතැන්නට ආවත් හරි සයාශ් කොච්චර හොදින් කියලා පෙන්නුවත් සයාශ් ඉන්නෙ හොදකින් නෙවි.. මෝහනය කරපු එකේ අතුරු ප්‍රථිපල වගෙම හිතේ වේදනා නිසා සයාශ් ඉදියෙ මාරම පීඩනේකින්..  සයාශ් නිදාගන්න කියලා ඇදට ආවත් හරි ඇද උඩ පූ බබා නැතුවට ගිහින් එබුනේ තොටිල්ලට.. එයත් සැපට තොටිල්ලට වෙලා නිදාගෙන ඉද්දි පිටිපස්සෙන් ආපු තුරුල්ගෙ අත් දෙක දැවටුනේ සයාශ්ගෙ පපුව වටේ...

" ඇයි පුතාව කොට් එකේ තිව්වේ ? "

සයාශ් ඇහුවත් හරි තුරුල් සයාශ්ගෙ පිට මැද්දෑවෙ මූණ අතුල්ලනවා පූසෙක් ඇගේ ඇතිල්ලෙනවා වගේ..

" අප්පච්චිව තුරුල් කරගෙන නිදාගන්න මට "

තුරුල් නොදන්නවා නෙවි අද සයාශ්ට වෙහෙසකර දවසක් කියලා.. ඉතින් තුරුල්ට ඕනි සයාශ්ව චුට්ටක් හරි සනසන්න.. සයාශ් එහෙමම තුරුල්ගෙ පැත්තට හැරුණෙ තුරුල්ගෙ අත් දෙකත් අල්ලගෙන.. තුරුල්ගෙ ඇස්වල මහන්සිය ගෑවිලා තිබුණත් ඒවා සයාශ් වෙනුවෙන් හිනාවෙනවා.. ඉතින් සයාශ්ට නිවෙන්න පුළුවන් එකම තැන මෙතන උන එක අරුමයක් නොවෙන එක අහන්නත් දෙයක්ද ?

"  අප්පච්චිව මැරුවෙ එඩ්වඩ් අංකල් නේද ?"

තුරුල් අහද්දි සයාශ් ඔව් කියන්න ඔලුව වැනුවෙ තුරුල්ගෙ අතක් සයාශ්ගෙ කම්මුලකට එද්දි...

" වෛර කරන්න එපා යාශ්.. ඔයා අද මගෙ ළඟ හිටගෙන ඉන්නෙ එයා නිසා.. එහෙමයි කියලා අප්පච්චිට අසාධාරණයක් වෙන්න දෙන්නත් එපා.. මොන දේ උනත් තව ආත්මෙකට තරහ කාරයෙක් විදිහටවත් එයා ඔයාගෙ පස්සෙන් එන තැනට වැඩ කරන්න එපා ! "

තුරුල් හරි පරිස්සමට සයාශ්ගෙ කම්මුලක් පිරි මදිද්දි සයාශ්ගෙ ඇස් සනීපෙට පියවෙනවා.. තුරුල්ගෙ ඇස්වල කඳුළු පිරෙනවා.. වේදනාව බෙදාගන්න තැන් නෑ කියන මිනිස්සු දකින්න ඕන දේවල් මේ.. කවදාවත් තා කෙනෙක්ගෙ වේදනාව සීයට සීයක් තව කෙනෙක්ට තේරුම් ගන්න බෑ.. කවුරු මොනවා කිව්වත් ඒක කරන්න බෑ.. හැබැයි අපිට බැරි නෑ මනුස්සයෙක්ගෙ වේදනාවෙන් අංශුමාත්‍රයක් හරි අපේ කරගෙන විනාඩියකට හරි ඒ මනුස්සයට සහනයක් වෙන්න.. අන්න එතනයි හැමෝම අතින් හෑලි ලියවෙන මනුස්සකමේ මූලාරම්භය වෙන්නේ.. !

(නො)පිපි මල් - " Blooming Flowers  🦋🍃 " | Completed ✔️Where stories live. Discover now